මෙගා ස්ටාර් අනුශූරයන් ලෙස කිරුළ පැළදී ශනුද්‍රි සහ කවිඳු එදිනම ගත්ත ලස්සන ඡායාරූප

කලා පවුලකින් පැවත එන ප්‍රියසාද් පවුලේ අක්කලා නංගිලා මෙරට කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ හැඩකරන රූමතියන් පිරිසක් වනවා. රංගනයෙන් ගායනයෙන්, නිවේදනයෙන් මෙන්ම නර්තනයෙන් ද මොවුන් රටක් වසඟකල කලාව දිදුලවන යුවතියන් පිරිසක් වනවා.
රංගනයට මෙන්ම නර්තනයට ද හපන්කම් දක්වන මොවුන් අතරින් ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ එම පවුලේ බාලම යුවතියයි.
කුඩා කාලයේ සිට සිනමා සිනමාව තුළින් ඇයගේ රංගන කුසලතාව දැක ගැනීමට හැකි වූ අතර අද වන විට ටෙලිනාට්‍ය ගණනාවකින් ඇයගේ රංගන දක්ෂතාව ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

නර්තනයටත්, ගායනයටත්, රංගනයටත් එක හා සමාන දක්ෂතා දක්වන ශනුද්‍රි ප්‍රියසාද් පසුගිය කාලය තුළ රට තුළ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වුණේ හිරු නාලිකාවේ බොහෝ ප්‍රේක්ෂක පිරිසක් නරඹන මෙගා ස්ටාර් සීසන් 3 නර්තන තරගාවලිය හේතුවෙනි.
මෙම තරඟාවලියේ තුළ ශනුද්‍රිගේ නර්තනය සහායකයා ලෙස කවිදු මදුෂාන් නර්තන ශිල්පියා ඇයට දැක්වූ අතිවිශිෂ්ට අතිවිශිෂ්ට සහයෝගය ඔවුන් දෙපළගේ නර්තනයෙ තුළින් දැක ගැනීමට හැකි වුණා.

මේ අනුව පසුගිය දිනක මෙගා ස්ටාර් සීසන් 3 අවසන් තරගාවලිය පැවැත්වූ අතර මෙම තරඟාවලියේ දී අනුශූරතාවය ලෙස කිරුළු කිරුළ දිනා ගැනීමට සමත් වන්නේ මොවුන් දෙපළයි.
මේ නිසාම තරගාවලිය අවසානයෙන් පසු අනුශූරතාව දිනාගත් ශනුද්‍රි සහ කවිඳුට අති විශාල ලෙසින් ප්‍රතිචාර ලැබෙන්නට වුණා. ඔවුන් දෙපළ එම දිනයේ දී හැමෝගෙම සිත් දිනා ගැනීමට සමත් වන ලෙස සුන්දර විලාසිතාවකින් සැරසී සිටියා. එම දෙපළ එදින ලබාගත් සුන්දර ඡායාරූප කිහිපයක් තමයි ඔබට මේ ගෙන එන්නේ









