දෙවනි ඉනිමේ ජොලි චරිතයක් වන මයික්ට ආදරය කරන හුරුබුහුටි සරලා – උදාරි සෞභාග්‍යා

මිට පෙර ලිපි වල සදහන් කළ පරිදි දෙවන ඉණිම කාතා මාලාව කියන්නේ නවක නළු නිළියන් සදහා වැඩි අවස්ථාවක් ලබා දෙන කතා මාලාවක් වනවා.
මේ නිසා අලුත් මුහුනු ගණනාවක් මේ දින වල ප්‍රේක්ෂකයාට දැක ගන්නට අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ වගේ අලුත් මුහුණක් තමයි සරලා කියන්නේ. ඇයගේ සැබැ නම වන්නේ උදාරි සෞභාග්‍යා වේ.
මේ කතා මාලාව තුළ අමතක නොවන චරිතයක් ලෙස මයික් ගේ චරිතය හදුන්වන්නට පුළුවන් මයික් කියන්නේ නිතරම විනෝදෙන් ඉන්න හැම වෙලාවේම කියවන චරිතයක් ඉතින් කාලයක් යන විට මයික්ට ආදරය කරන චරිතයක් බිහි වනවා ඇය තමයි මේ සරලා.

ඇය ගැන කතා කරන විට ඇයට රංගන අවස්ථාවක් උදා වීහට ඇයට ඇයගේ කලා පවුලම එක් හේතුවක් වනවා. රංගනය ඇයගේ පවුලට ආගන්තුක දේයක් නොවන නිසා ඇයට තමන්ගේ රංගන කටයුතු පහසුවෙන් සිදු කර ගැනීමට හැකි වු බව ඇය විසින් මතක් කර සිටියා.
ඔබ කවුරුත් දන්න අමන්දා සිල්වා ඇයගේ සහෝදරියක් වේ. අමන්දා මෙන උදාරි ද අද වන විට දක්ෂ රංගන ශිල්පිනියක් බවට පත් වෙමින් පවති.
තවමත් රංගනයට අලුත් ඇයට ලැබුනු මේ සරලාගේ චරිතයට ඇය සාර්ථක රංගනයක් දක්වන බව ඕනෑම කෙනෙකුට පෙනේ. ඒ අනුව ඇයගේ පළමු රංගනය වන්නේ මේ සරලා ගේ චරිතයයි.

තවමත් අධ්‍යාපන කටයුතු අවසන් කර යොවුන් වියේ පසුවන ඇය ඉදිරියේදි වෘත්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් වීම සදහා ඇය රංගන කටයුතු පිළිබද වැඩි දුරටත් අධ්‍යයන කිරිම සදහා ඉදිරියේදි බලාපොරොත්තු වේ.
රංගනය අලුත් මේ යොවුන් රංගන ශිල්පිනියගේ රංගන දක්ෂතා වැඩි දියුණු කර ගනිමින් කලා ජිවිතේ ඉදිරියටම ගමන් කිරිමට හැකි වේවා යැයි අපි ප්‍රාර්තනා කරමු. මේ ඔබ හදුනන සරලාගේ ලස්සන ඡායාරූප කිහිපයක්.









