
පසු ගිය දින වල ටෙලි නිර්මාණ කිහිපයකින් මුණ ගැසුනු ඒ සුන්දරිය නමින් රිතූ ආකර්ශා වේ. නමට ගැලපෙන සුන්දරත්වයක් හිමි මේ සුන්දර යුවතිය මෙරට සිටින ප්‍රේක්ෂක ජනයා අතර ප්‍රසිද්ධියට පත් යොවුන් රංගන ශිල්පිනියක් වේ.
උතුම් පැතුම්, මහවිරු පණ්ඩු, කිරුළී, තුත්තිරි, ඇය, දාම්, උරුමය අරගලය වැනි ටෙලි නිර්මාණ ගණනාවකින් ඇයගේ විවිධ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට අවස්ථා උදා වුනා.
ගුවන් සේවිකාවක් වීමේ අදහස් ඇති සිටි ඇය අද වන විට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනු ලබයි. සුන්දර රූ සපුවක් හිමි මේ රිතූ විවිධ විලාසිතා සිදු කරන නිසා අයව සමාජා මාධ්‍ය ජාලා තුළ නිතරම පාහේ ජනප්‍රියත්වයට පත් වන සුන්දර චරිතයක් වනවා.

විවිධ සංගීත විඩියෝ හරහාද ජනප්‍රිය චරිතයක් බවට පත් වු ඇය නිවේදන කටයුතු ද සිදු කරනු ලබනවා.පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය වු මේ සුන්දර රිතූ දක්ෂ නර්තන ශිල්පිනියක්ද වනවා.
ඇයගේ නර්තන දක්ෂතා හිරු නාලිකාව ඔස්සේ විකාශය වු “මෙගා ස්ටාර්” වැඩසටහන ඔස්සේ දැක ගැනීමට හැකි වුයේ එම වැඩසටහනේ තරගකාරියක් ලෙස ඇය සහභාගි වු නිසයි.
තවමත් සිනමා කටයුතු වලට සම්බන්ධ වී නැති ඇය ඉදිරියේදි හොද සිනමා නිර්මාණයන් සමග සම්බන්ධ විමේ කැමැත්තෙන් පසු වනවා.

මේ සුන්දර රංගන ශිල්පිනිය තවමත් තනිකඩ වන අතර ඇයට පෙම්වතෙකු නොමැති බවත් ඉදිරියේදි ඒ පිළිබද සිතන බවත් ඇය විසින් ප්‍රකාශ කර තිබෙනවා.
නිතරම සමාජ මාධ්‍ය ජාලා වල කතා බහට ලක් වන ඔබ ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනී රිතූ ගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.









