ගොසිප් පුවත්තරු ගොසිප්

පාර දිගේ ටෙලි කාතාවේ රුවිනි ගේ චරිත ඔස්සේ ඔබ හැදින ගත් සුන්දරිය නිත්‍යා දේවින්දි

රංගන කටයුතු සදහා කලාවට පිවිසි අලුත්ම මුහුණක් තමයි නිත්‍යා දේවින්දි කියන්නේ. රංගන ක්ෂේත්‍රයේ නවක සුරූපි රංගන ශිල්පිනියක්  ලෙස ඇයව හදුන්වන්නට හැක. අද වන විට ප්‍ර‍විණ රංගන ශිල්පින් සමග එකට වැඩ කිරිමේ අවස්ථාව ඇයට උදා වී ඇත.

නිත්‍යා දේවින්දි පිළිබද වැඩි දුරට කතා කිරිමේදි ඇයව මුලින්ම හදුනා ගන්නේ  දෙරණ අවුරුදු කුමරිය තරගයට සහභාගි වු සහ අවසන් 12 අතරට තේරුනු සුන්දර යුවතියක් වීම නිසයි.

රංගනය කටයුතු ඔස්සේ ඇයගේ මුල්ම රංගනය දැක ගැනීමට හැකි වන්නේ මුතුලෙන්දොර ටෙලි කතාව ඔස්සේ ය.  එහිදි ඇය නෙලුම්ගේ චරිතයට පණ පොවණු ලබනවා.

නමුත් කතාව අතරමගදී ඇති වු විවිද ප්‍ර‍ශ්න හේතුකොට ගෙන ඇයට මෙම කතාවේ රංගන කටයුතු වලින් ඇත් වන්නට සිදු වුනා. මේ පිළිබද බොහෝ කටකතා පැතිරුනත් ඒවා සමාන්‍ය දේවල් සේ ඇය සැලකුවා.

නමුත්පාර දිගේ ටෙලි නාට්‍ය ඔස්සේ ඇයගේ රංගනය ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි  වු අතර ඇය මෙම ටෙලි නාට්‍යයේ රුවිනි ගේ චරිතයට පණ පොවනු ලබනවා.

ඇයට ලැබුනු මේ කතා මාලාවේ  චරිතය ඔස්සේ ඇය රංගනය ගැන අත්දැකීම්, ප්‍ර‍වීණ රංගන ශිල්පිනියන් හා ශිල්පීන් සමග එකට වැඩ කිරිමේ හැකියාව ලැබීම ආදි හේතු නිසා රංගනය අලුත් ඇයට බොහෝ අත්දැකීම් මේ කතා මාලාව ඔස්සේ ලගා කර ගැනීමට හැකි වු බය ඇය මතක් කර සිටියේ මහත් සතුටිනි.

අතීතයේදී විවිධ දුක් කම්කටොළු වලට මුහුණ දීමට සිදු වු ඇයට එම කාලය බොහෝ ආමාරු කාලයක් වු බවත් පියාගේ හදිසි වියෝව නිසා බොහෝ දුක් ගැහැට වලට මුහුණ දෙන ඇය ශක්තිමක් වන්නේ ඇයගේ මව සහ සහෝදරයා නිසාවෙනි. ඉතින් රංගනය අලුත් මේ සුන්දර යුවතියගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button