
නර්මදා යාපා අබේවර්ධන කියන චරිතය මෙරට තුළ කවුරුත් හදුනන ජනප්‍රිය චරිතයක් බවට පත් වන්නේ නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් මෙන්ම නර්තන ශිල්පිනයක් වශයෙනි. දෙරණ රූපවාහිනි නාලිකා ආරම්භයේ කටයුතු කරන ලද නිවේදිකාවක් වශයෙන්ද ඇය කටයුතු කර තිබෙනවා.
මේ සුන්දර සුරූපිණිය 2016 වසරේ දී මිසිස් ශ්‍රී ලංකා කිරුළද දිනා ගන්නේ ඇයගේ ඇති මේ සුන්දරත්වය නිසයි. ඇයව හිරු නාලිකාව ඔස්සේ විකාශය වන කෝෆි චැට් වැඩසටහන ඔස්සේ රසිකයන්ට දැක ගැනීමට හැකි වනවා.
අපේ රටේ සුන්දර ප්‍රසිද්ධ චරිත බොහෝ වි රංගන කටයුතු සදහා තම දායකත්වය ලබා දුන්නද ඇය රංගන කටයුතු වලින් දැක ගැනීමට නොලැබෙන චරිතයකි.

ඇය නිවේදන කටයුතු සදහා දැඩි කැමැත්තක් දක්වන අතර ඇය කියා සිටියේ නිවේදන කටයුතු ඇයට නිදහසේ සිට පීඩනයක් නැතිව සිදු කිරිමට හැකි දේයක් බවයි.
හැමදාමත් වාගේ තමන්ගේ කටයුතු සමග කාර්යය බහුල වී සිටින ඇය තමන්ගේ ආදරණිය මවක් වන අතර තමන්ගේ පුතුන්ගේ රාජකාරි නිසාද ඇය මවක් වශයෙන් තම කාර්යය භාරය ඉටු කරනු ලබනවා. විවාහයන් දෙකකට සමු දී පුතුන් දෙදෙනා සමග ඇය මේ වන විට තනිව ජිවත් වෙනු ලබයි.

කටකාර දඟකාර මෙන්ම රූමත් චරිතයක් වන ඇය අදටත් තමන්ගේ සුන්දරත්වය එදා මෙන්ම පවත්වා ගෙන යනු ලබයි. නර්මදා පිළිබද පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කතා බහට ලක් වුයේ ඇය විසින් තැබු අපුරු සමටහනක් හේතුකොට ගෙනය. ඒ අනුව ඇය මෙසේ පවසා තිබුනා.
“ගැහැණුන්ට වැඩිපුරම කතන්දර හැදුවේ ගැහැණු. හැමෝම නෙවෙයි, ඒත් බහුතරයක් ගැහැනුන්ට කතන්දර හැදුවේ ගැහැනු.” ඉතින් සුන්දර නර්මදා ඡායාරූප කිහිපයක් තමයි මේ.








