ගොසිප් පුවත්තරු ගොසිප්

ජනප්‍රිය ගායිකා උපේඛා නිර්මාණි ආදරණීය පුංචි පවුල සමග කාලය ගත කරන්නේ මෙහෙමයි

ගායන ශිල්පිනියක වගේ උපේකා නිර්මාණි මෙරට ගායන ක්ෂේත්‍රයේ මෙන්ම ගායන රියැලිටි වැඩසටහන් අතර ඉතාමත් ඉහළින් වැජඹුණු චරිතයක් වෙනවා.

දෙරණ නාලිකාව ඔස්සේ පැවැත්වූ ඩ්රිම් ස්ටාර් වැඩසටහන ඔස්සේ ඇයි රටම හඳුනන සුන්දර ගායිකාවක් බවට පත්වුණා . ඇයටම ආවේනික වූ වෙනස්ම විදිහේ ගායනා කුසලතා පෙන්වන උපේකාගේ කටහඬ රසිකයින්ගේ සිත් තුල තැන්පත් වු වෙනස්ම විදිහේ සුන්දර කටහඬක් වුණා.

වසර එකොළහකට පමණ පෙර ඇය ගායනා තරුවක් ලෙස අභිෂේක ලැබීමේ දී ඇයට වයස අවුරුදු 18ක් පමණ වුණා. තරගකරුවන් ලක්ෂ ගණනකින් ප්‍රථම ස්ථානය දිනා ගැනීම එකේ ජීවිතේ ඇයට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් බව මේ මතක් කර සිටියේ ඉමහත් සතුටිනි.

මේ ඔස්සේ සංගීත කාලාවට පිවිසි ඇයගේ කටහඩ එක් වු සුවිශේෂි ගීත ගායනා ඇයට ආදරය කරන රසිකයින් ඉතා කෙටි කාලයක් තුළ වැළද ගැනීමට තරම් ඉතාමත් අලංකාර ගීත ගායනා වුනා.

ඇයව ප්‍රේක්ෂකයා හඳුනා ගන්නා තවත් විදිහක් උනේ ප්‍රසංග වේදිකාව හැඩකරන ජොලි සීයාගේ දුව ලෙසයි. ප්‍රසංග වේදිකාව තුළ ද කතාබහට ලක් වූ ඇයගේ ගායනා කටයුතු මේ දිනවල රටේ පවතින තත්වය හේතුවෙන් ඇයගේ ගායනා කටයුතු දැක ගැනීමට නොහැකි තත්ත්වයට පත් වී තිබෙනවා.

මේ අද වනවිට ආදරණීය බිරිඳක් පුතෙකුගේ ආදරණීය මවක් ලෙස කාර්ය බහුල ජීවිතයක් ගත කරන උපේකා ඇයගේ ගායන කටයුතු ඊට අමතරව ඉතා සුන්දර ජීවිතයක් ගත කරනු ලබනවා. තමන්ගේ ආදරණීය සැමියා සහ පුතු සමඟ සුන්දර ජීවිතයක් ගත කරන්න උපේකා නිර්මාණිගේ  ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button