
නිරූපණ ක්ෂේත්‍රය හා සම්බන්ධව යන තවත් සුවිශේෂී විලාසිතාවක් ලෙස කාන්තා විලාසිතා ඇඳුම් පෙන්වා දෙන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල්වල කාන්තා ඇඳුම් විලාසිතා දැක්මවල් පවත්වන අතර එහිදී සුවිශේෂී නිර්මාණ රැසක් ක්ෂේත්‍රයට අදාල නිරූපණ ශිල්පීන් මෙන්ම ඇඳුම් විලාසිතා නිර්මාණ ශිල්පීන් විසින් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබනවා.
මේ නිසාම ලෝකේ තුළ ප්‍රසිද්ධ සුවිශේෂී ගණයේ ඇඳුම් විලාසිතා තරග දැකගැනීමට හැකිවන අතර එම විලාසිතා තරඟ වලට ලෝක ප්‍රසිද්ධ ගායක ගායිකාවන් රංගන ශිල්පීන් ආදී ලෙස විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයම හඳුනාගත් චරිත එම ඇඳුම් විලාසිතා නිරූපණ කටයුතු සඳහා පෙනී සිටීම දකින්නට හැකි වෙනවා.
ඇමරිකාව කියන්නේ ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව ඇඳුම් විලාසිතා කාලයෙන් කාලයට අලුත් කරමින් විවිධ තරඟාවලි පවත්වනු ලබන රටක්.

ඉතින් ලෝකයම මේ දිනවල මුහුණ දී ඇති මේ කරදරකාරී තත්ත්වයක් සමඟ පසුගිය දිනක ලෝකයේම කතාබහට ලක්වූ ලක්වූ විලාසිතා දැක්මක් ඇමරිකාවේ නිව්යෝක් නගරයේ දී පවත්වනු ලබනවා .
මෙය මෙට් ගාලා විලාසිතා දැක්ම ලෙස හඳුන්වන්න පුළුවන්. මේ විලාසිතා දැක්ම සඳහා සුපිරි හොලිවුඩ් නළු නිළියන් රැසක් තමන්ගේ විලාසිතා පෙන්වමින් විවිධ මාදිලියේ ඇඳුම් මෝස්තර නිරූපණය කරන්න ඉදිරිපත් වී තිබුණා.
මේ ඇඳුම් විලාසිතා අතර බොහෝ දෙනාගේ ඇස යොමු වූ සහ වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ දුව විලාසිතාවක් බවට පත්වූයේ රියැලිටි මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ තාරකාවක් බවට පත්වී සිටී කිම් කාඩෑෂින් ගේ වෙනස්ම විදිහේ ඇඳුම් විලාසිතාවයි.

මෙහිදී ඇය තම සිරුර එනම් හිසේ සිට පාදාන්තය දක්වා කළු පැහැති ඇඳුමකින් ආවරණය කර ගනිමින් මෙම විලාසිතා දැක්ම සඳහා සහභාගි වී තිබුණා.
ඒ නිසාම ඇයගේ මෙම විදිහේ ඇඳුම් විලාසිතාව එම විලාසිතා දැක්මේ වැඩි විසින් කතාබහට ලක්වූ අවධානය යොමු කරුණක් බවට පත්වුණා.
ඉතින් මේ විලාසිතා දැක්ම කිම් කාඩෑෂින් කළු පැහැති ඇඳුමකින් සැරසී සිටි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් තමයි ඔබට මෙතනින් එක ගැනීමට හැකි වන්නේ.









