ගොසිප් පුවත්තරු ගොසිප්

පසු ගිය දිනක සහෝදරිය සමග එකම දිනයේ උපන්දිනය සැමරු ගායන ශිල්පී විරාජ් පෙරේරා

තමන්ගේ කටහඩින් වෙනස්ම විදිහකට ඒ කියන්නේ උච්ච ස්වර භාවිතා කරමිනි ගීත ගායනා කරන ඔහුගේ එම ගීත ගායනා නිසා මෙරට ශ්‍රාවකයින් අතර මෙන්ම රසිකයික් අතර කෙටි කාලයකින් ජනප්‍රිය වීමට හැකි වු යොවුන් සිත් දිනා ගැනීමට සමත වු දක්ෂ ගායකයෙකු ලෙස ශිල්පී විරාජ් පෙරේරා හදුන්වන්න පුළුවන්.

තමන්ගේ වෙනස්ම විදිහේ හැගුම්බර, විරහා මුසු වු  ගීත ගායනා කිරීම නිසා ඔහු වඩාත් ජනප්‍රිය වුයේ තරුණ පරම්පරාව අතරයි. ඊට හේතුව වන්නේ ඔහුගේ ගීත හදවතට දැනෙන ලෙස ගායනා කිරීමට ඔහු දක්ෂ නිසා වේ.

ඔහු මෙරට සංගීත ක්ෂේත්‍ර‍ට ඔහුගේම නිර්මාණ රැසක් බිහි කර දී ඇති අතර ප්‍ර‍සංග වේදිකාව තුළද මොහු ජනප්‍රිය වු ගායන ශිල්පියෙකු වනවා. ඔහුගේ ගායනා සියල්ල අතරින් ඔහු වඩාත්ම ජනප්‍රිය වීමට හේතු වු ගීතය වන්නේ “මාගේ දෑසින් වැටෙනා” ගීතයයි.

ඊට අමතරව හිත මුලා කරලා…, තහනම්…, සාරිතා..,  ගීත මෙන්ම ඔහු විසින් නිකුත් කරන ලද බුදු ගුණ ගීතයක් වු තථාගතයාණෙනි… ගීතය මෙරට රසිකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වු ගීත ගායනයක් වුනා.

එම ගීතය මෙරට සියලු දෙනාගේ සිත් තුළ වෙනස්ම විදිහේ හැගීමක් එකතු කරන වෙනස්ම ආකාරයේ බෞද්ධ ගීතයක් බවට පත් වුනා.

ඉතින් අපි මේ කතා කරන යොවුන් ගායක විරාජ් පෙරේරා පසුගිය දිනක තමන්ගේ තමන්ගේ උපන්දිය මෙන්ම තමන්ගේ සහෝදරියගේ උපන්දිය ඉතා චාම් ලෙස පවුලේ අය සමග සුළු වශයෙන් සමරන්න කටයුතු කර තිබුනා. මේ ඔහු සහ නැගණිය එක්ව උපන්දිනය සැමරු මොහොතේ ඡායාරූප කිහිපයක්.‍

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button