
පියුමි බොතේජු ජනප්‍රිය රංගන ශිල්පිනි අපේ රටේ පුංචි තිරයේ මෙන්ම රිදි තීරයේද අමතක නොවන චරිතයක් වනවා. ඇය විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයන්ට දැක ගැනීමට හැකි වන අතර එම චරිත ඔස්සේ ඇයගේ රංගනයේ අපුර්වත්වය රසිකයන්ට දකින්නට පුළුවන්.
අයි. ටී. එන්. නාලිකාව් අවුරුදු කුමරිය ලෙස එවක කිරුළ දැරු ඇය මේ ඔස්සේ රංගනයට පිවිසෙන අතර ඇයගේ පළමු රංගනය සිදු කැනු ලබන්නේ පබා ටෙලි නාට්‍ය ඔස්සේ ය.
ඒ රංගන කටයුතු සමග ඉදිරියට පැමිණි ඇය අද වන විට අපේ රටේ ජනප්‍රිය රසිකයින් අතර තම නම ඉහළින්ම තබා ගත් රංගන ශිල්පිනියක් ලෙස හදුන්වන්න පුළුවන්.

ඇයව පසුගිය කාල වලදි වැඩි වශයෙන් දැක ගැනීමට හැකි වන්නේ විනෝදජනක චරිත ඔස්සේය එම ප්‍රහසන රංගන කටයුතු වලදි ඇය චරිතයට දක්වන අපුරු රංගනය සැබැවින්ම රසිකයින් අතර ඇය වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නට වු කරුණක් වුනා.
මෙඩි සිනා, පැහැසර, මල් හතයි ආදි ලෙස ඇය ටෙලි නාට්‍ය ගණනාවක රංගන කටයුතු සිදු කර තිබෙනවා. මේ දින වල ටෙලි නාට්‍ය 5 ක පමණ ඇය දැන ගැනීමට හැකි වනවා.

රංගනයේදි වාගේම සැබැ ජිවිතයේදීත් එදා මෙන්ම අදටත් ඇය කටකාර, දගකාර චරිතයකි. නමුත් ඇය ගැන කතා කරන විට රංගන කටයුතු වලදි විවිධ චරිත නිරුපණය කරත් සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන්නට කැමති ලොකුවට දේවල් හිතන්නේ නැති චරිතයකි. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනි පියුමි බොතේජුගේ ජායාරූප කිහිපයක් තමයි මේ.









