
හෙක්ටර් ඩයස් කියපු ගමන් අද තරුණියන්ගේ සිත ඇද බැද තබා ගැනීමට සමත් යොවුන් පරපුරේ සිත් දිනා ගත් චරිතයක් ලෙස හදුන්වන්න පුළුවන්.
මොහු පිළිබද කතා තරක විට අද වන විට අපේ රටේ සිටින දක්ෂ ගායකයෙකු මෙන්ම දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙසද මොහු රසිකයන් අතර අතිශය ජනප්‍රිය වී තිබෙනවා.
අද වන විට කා අතරත් ජනප්‍රිය වු හෙක්ටර් ඩයස් විසින් ගායනා කරන නිල්වන් මුහුදු තිරේ ගීතය සහ එම ගීතගේ විඩියෝව සදහා ඔහු රංගන ශිල්පිනි හා නිරුපණ ශිල්පිනි ටීනා සමග දක්වන අපුරු රංගනයද රසකයන්ගේ සිත් ඇද ගැනීමට සමත් වුනා. මේ නිසාම යුටියුබ් නාලිකාව ඔස්සේ මෙම ගීතය අතිශයින්ම ජනප්‍රියතාවයට පත් විය.

මේ ගීතය ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් වීම නිසාම මොහුට රංගන කටයුතු සදහාද ආරාධනා ලැබෙනවා. මේ නිසා හිරු නාලික ඔස්සේ මේ දින වල විකාශය වන ප්‍රේක්ෂකයන් රාශියක් නරඹන දිවිතුරු ටෙලි නාට්‍ය සදහා හෙක්ටර් ඩයස් තම රංගන දායකත්වය ලබා දෙනවා.
මෙය මොහුගේ පළමු රංගනය බවත් එය ඔහුට අලුත්ම අත්දැකීමක් බවත් හෙක්ටර් ඩයස් විසින් පවසා තිබෙනවා. ඔහු ඒ පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයටයි.
‘රංගනය කියන්නේ සිංදු කියනව වගේ දෙයක් නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ගායන ශිල්පියෙක් රංගන ශිල්පියෙක් ලෙස වැඩකරනව කියන්නේ වෙනස් විදිහේ දෙයක්. ‘

ඔහුගේ වෙනස්ම විදිහේ කඩවසම් පෙනුම හේතුකොට ගෙන ඔහු වඩාත් ආකර්ෂණිය පුද්ගලයෙකු බවට පත් වී ඇත්තේ තරුණියන් අතරේ වේ.
නමුත් හෙක්ටර් ඩයස් විවාහක වන අතර ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙක් වේ. ඉතින් අදටත් තරුණියන්ගේ ක්‍රෂ් එක වෙලා ඉන්න හෙක්ටර් ඩයස්ගේ ඡායාරුප තමයි මේ.









