ගොසිප් පුවත්තරු ගොසිප්

ජූඩාගේ චරිතයයෙන් ආකර්ෂණී යොවුන් නළුවෙක් බවට පත් වු සද්දා මංගලගේ පුතණුවන් හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර

“පාර දිගේ” ටෙලි නාට්‍ය කියන්නේ ද මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය වන අතිශයින් ජනප‍්‍රිය වී ඇති කතා මාලාවක් වේ. මෙම ටෙලි නාට්‍ය තුලින් අලුත් මුහුණු කිහිපයක්ම දැක ගැනිමට හැකි වන අතර මෙහි එක් චරිතයක් බොහෝ දේ මේ දින වල කතා බහට ලක් වනවා. ඒ  ‘ජූඩා’ ගේ චරිතය යි.

මේ ‘ජූඩා’ ගේ චරිතය සදහා පණ පොවන්නේ මේ දින වල ස්වර්ණවාහිනීය ඔස්සේම විකාශය වන නාඩගම්කාරයෝ කතා මාලාවේ නිර්මාතෘ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ එකම පුතණුවන් වේ. මොහු නමින් හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර  වේ.

මේ කඩවසම් තරුණයා රංගනය සදහා පිවිසි පළමු ටෙලි නාට්‍ය වන්නේ ද මේ “පාර දිගේ” ටෙලි නාට්‍යයයි. මේ නිසා රංගනය ඔහුට අලුත්ම වෙනස් විදිහේ දෙයක් වුනා. මේ කතා මාලාව වෙනස්ම විදිහේ කතා මාලාවක් නිසා ඔහුට ලැබුන චරිතයට උපරිම සදාරණය ඉටු කරන බව මොහු මතක් කර සිටියා.

මොහුට මේ කතා මාලාවේ රංගනය සදහා අවස්ථාව උදා වන්නේ ඔහුගේ පියා වන සද්ධාමංගල සූරියබණ්ඩාරගේ මහතා නිසා වේ. මේ කතා මාලාවේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන්නේ හර්ෂ ඉඳුවර සූරියබණ්ඩාර  විසින්ම වේ.

එමෙන්ම ප්‍රේක්ෂක ජනාධරයට පත් ‘අග්නි පියාපත්’ නාට්‍යයේ  පසුබිම් සංගීත අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ ද මොහු විසින් වේ. රගපැමෙන් අත්දැකීම් ලබා ගෙන ඉදිරියේදි සිනමා කටයුතු අධ්‍යක්ෂනය සදහා මොහු බලාපොරොත්තු වී සිටි.

රංගනට අලුත් මේ යොවුන් රංගන ශිල්පියා ඉදිරියේදි අපේ රටේ ප්‍ර‍වීණ රංගණ ශිල්පියෙකු සේම සංගීත අධ්‍යක්ෂක කෙනෙකුද වීම නොඅනුමානයි. ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා යැයි අපි ප්‍රාර්ථනා කරන්නේමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button