ගොසිප් පුවත්තරු ගොසිප්

මේ දවස් වල කෙල්ලගේ ක්‍ර‍ෂ් එක දෙවෙනි ඉනිම කතා මාලාවේ ‘රදීෂ්’ ඉෂාර මධුෂාන්

2019 හිරු නාලිකාවේ අවුරුදු කුමරා ලෙස අභිෂේක ලැබු ඔහු අද තාරුණ්‍යයේ සිත් සොරා ගැනීමට සමත් වු මේ කඩවසම් තරුණයා නමින් ඉෂාර මධුෂාන් වේ. දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අලුත්ම සාමාජිකයා ලෙස ඔහුව මේ දින වල හදුන්වනු ලබයි.

තරුණ පිරිස් අතර මෙන්ම වැඩැහිටි පිරිස් අතරද අතිශයින්ම ජනප්‍රියතාවයට පත් කතා මලාවක් වු මේ දෙවෙනි ඉනිම කතා මාලාව සදහා එක් වන අලුත් රංගන ශිල්පීන් ප්‍රේක්ෂයාගේ සිත් සුළු කලෙයක් තුළ සොරා ගැනීමට සමත් වන චරිත වනවා.

ඔහු මෙම කතාවේ ඩිලාන්ගේ පුතණුවන් විදිහට චරිතය නිරුපණය කරනු ලබනවා.ඉෂාර මධුෂාන් කියන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගෞරවනීය උපාධිධාරියෙකි. වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන අතර  ඔහුගේ ව්‍යපාරය වන්නේ හෝප් කාර්ස් වේ.

මොහු පිළිබද වැඩි දුරත් කතා කිරිමේදි 2018 වසරේ ITN නාලිකාව විසින් පැවැත්වු අවුරුදු කුමරා තරගයෙන් 3 වන ස්ථානය දිනා ගන්නේ මොහු විසින් වේ.

කඩවසම් මේ තරුණයා සංගීත වීඩියෝ වලට ඔහුගේ රංගන දායකත්වය ලබා දී ඇති අතර වර්ථමනාගේ ඔහු ප්‍රේක්ෂකයා අතර ජනප්‍රිය වී ඇත්තේ රදීෂ් යන නමිනි.

විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ සිටම අමතර පංති කළ මොහු අද වන විට ධම්මික පෙරේරා පදනම නොමිලේ ඉගැන්වීම් කටයුතු සදහාද මොහුගේ දායකත්වය ලබා දී තිබෙනවා.

තමවත් රංගනයට ආධුනික මොහුට මේ වන විට ලැබෙන ප්‍ර‍තිචාර පිළිබද ඔහු කතා කරන්නේ ඉමහත් සතුටෙනි.   අද වන විට තරුණියන්ගේ සිත් සොරා ගත් කඩවසම් යෞවනයෙකු බවටද මොහුට පත් වීමට සිදු වී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button