ගොසිප් පුවත්තරු ගොසිප්

දරුවා ලැබීමෙන් පසු රංගන කටයුතු වලට එනවා කීව නෙහාරා හුරතල් පුළුන් බොලේ එක්ක ගත කරන ජීවිතය

රංගනය වාගේම නර්ථනයට දස්කම් පෙන්වන සුන්දර නෙහාරා පිරීස් කියන්නේ අදටත් යොවුන් පරපුරේ සිත් දිනා ගත් චරිතයක් වනවා. සුන්දර ජනිප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇය අදටත් ඇයගේ නම රංගන ක්ෂේත්‍රයේ ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබනවා.

නෙහාරාගේ ස්වාමියා පුරුෂයා වන්නේ දක්ෂ රංගන ශිල්පියෙකු වන මේනක රාජපක්ෂයයි. මව් පදවියට සුදානම් වී සිටි ඇයගේ සහ මේනකගේ සුන්දර ඡායාරූප පෙළක් සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැක ගැනීමට හැකි වු අතර මේ දින වල ඔවුන් දෙපළගේ ආදරණීය දියණියගේ ඡායාරූප දැක ගැනීමට හැකි වනවා.  මේ දියණිය නමින් මේලි නිකොලා රාජපක්ෂ වේ.

මව් පදවිය නිසා රංගනයෙන් නර්ථනයෙන් ඉවත් වෙලා හිටපු නෙහාරාගේ ලස්සන නර්ථනයක් අපිට පසුගිය දිනවල දැක ගැනීමට හැකි වුනා. අදටත් නර්ථනයට දක්ෂ ඇයගේ සුන්දර නර්ථනය ඒ අයුරින්ම ප්‍රේක්ෂයන්ට දැක ගන්නට පුළුවන්.

දරුවා ලැබීමෙන් අනතුරුව නිසි ආහාර පාලනය හා ව්‍යායම් නිසා තරමක් තරබාරු විදිහට හිටපු නෙහාරා නැවතත් ඇයගේ සුන්දර රූ සපුව ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබනවා.

ඇය ඒ පිළිබද මතක් කර සිටියේ මේ විදිහටයි.

“බබාට මාස තුන වෙනකොට බර කිලෝ 20ක් අඩුකර ගත්තා. මේ විදිහට බර අඩුකර ගන්න ව්‍යයාම හා කෑම පාලනය සමබරව කරගෙන යන්න අවශ්‍යයි. මම දවසකට පැය 16ක් කන්නෙ නැතිව ඉන්නවා.”

ඉතින් ප්‍රෙක්ෂයන් ආදරය දිනා ගත් මේ සුන්දර නෙහාරාගේ නර්ථනය වාගේම රංගන කටයුතු ඉදිරියේදි ඔබට දැක බලා ගැනීමට අවස්ථාව උදා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button