
ලෝචනා ඉමාෂි කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනයක් වනවා. මේ දින වල ඇය පිළිබද වැඩා කතා බහට ලක් වී ඇත්තේ ඇයගේ රංගනයන් ගැන නොව ඇය විසින් සිදු කරනු ලබන වෙනස්ම කටයුත්තක් පිළිබදවයි.
සමාජ මාධ්‍යයන් ඔස්සේ මේ වනවිට ඇය විසින් මේ දින වල අසරණ වෙලා ඉන්න දරුවන් වෙනුවෙන් ඔවුන්ට පිහිට වන්නට විවිධ වැඩ සටහන් සිදු කරනු ලබනවා.

කාලයක සිට ඇයට මෙම අදහස තිබුනද එය ක්‍රියාත්මක කිරීමට ඇයට අවස්ථාවක් නොවිය. නමුත් මේ කාලයේ අසරණ වෙලා ඉන්න පුංචි දරුවන් වෙනුවෙන් ඇය එම අදහස ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත. ඇයත් මේ වන විට මවක් වන නිසා දරුවන් ගැන ඇයට දැනෙන දරු දුක නිසා මෙවැනි දෙයක් කරන්නට ඇය පෙළඹී ඇත.

ඇය විසින් දරුවන් වෙනුවෙන් පදනමක් ආරම්භ කර ඇති අතර එය නම් කර ඇත්තේ Child Care By Lochana නමිනි. ඇය මෙය ආරම්භ කරන ලද්දේ කළුබෝවිල ශික්ෂණ රෝහලට බොයිලර් උපකරණ පරිත්‍යාග කිරිමකිනි.
මේ සදහා ඇයට බොහෝ දෙනාගේ සහය සහය වාගේම පරිත්‍යාග හිමි විය. මේ පදනම මගින් ගම්බද ජිවත් වන අසරණ පවුල් සදහාද ආධාර කරනු ලබයි. මේ ඔස්සේ දරුවන් සදහා ලබා දිය හැකි උපකරණ බඩු බාහිර බෙදා දෙනු ලබයි.

මේ වාගේ කාලයක ඉතාමත් වටිනා කාර්යයක් ඉිදිරියේදිත් සාර්ථක සිදු කර ගෙන යාමට ඇයට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමු.








