ක්‍රීඩා පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්සයුරෙන් එහා පුවත්

අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර ආදරය දිනා ගත් ​විදෙස් රංගන ශිල්පීනියන්

කාලයක් අපේ රටේ රූපවාහිනි මාධ්‍ය තුළ විදෙස් රට වල විකාශ වු විවිධ කතා මාලාවල් විකාශ කරනු ලැබුවා ඒ ඔස්සේ එම කතා මලාවන් තුළ රංගනයෙන් දායකත්වය ලබා දෙන රංගන ශිල්පිනියන් ඔවුන්ගේ රටේ ප්‍රේක්ෂකයන්ට වඩා අපේ රටේ ප්‍රේක්ෂකයන් අතර ආදරය දිනා ගැනීමට සමත් වනවා. මේ රංගන ශිල්පිනියන් නොහිතු ආකාරයෙන් ඔවුන්ගේ රංගනයට ආදරය කරන පිරිසක් අපේ රටින් බිහි වනවා.

අපේ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වු විදෙස් රංගන ශිල්පින් කිහිප දෙනෙකු පහතින් ඔබට දැක ගැනීමට හැකි වනවා.

  1. ශ්වේතා තිවාරි 

සිරස නාලිකාවේ විකාශ වු මේගා ටෙලි නාටඨයක් වන ප්‍ර‍වීණා ටෙලි කතාව ඔස්සේ ලංකාවෙම ප්‍රේක්ෂකයන්ගේ සිත දිනා ගැනීමට සමත් ඇයගේ රංගනය නිසා බොහෝ දෙනා ඇයට ආදරය කරන්නට වුනා.

ආදරය එක් වු සුන්දර කතා මාලාවක් වන මෙම ප්‍ර‍වීණා කතා මාලාව නිසා ඇය නොසිතු ලෙස මෙරට ජානාධරයට පත්වන්නට ඇයට අවස්ථාව උදා වු අතර මේ නිසාම ඇය කිහිප වතාවක්ම අපේ රටේ සංචාර කරන්න ට වුනා.

  1. යූකෝ ටනාකා

අපේ රටේ රූපවාහිනිය ඔස්සේ විකාශය වු ඉතාමත් සම්භාවනීය කතා මාලාවක් ලෙස ‘ඔෂීන්’ කතා මාලාව පෙන්වා දිය හැක. මේ කතා මාලාව ජපන් රජයේ තිළිණයක් ලෙස අපේ රටේ විකාශය කරන්නට විය.

මේ ඔෂින් කතා මාලාවේ ඔෂින්ගේ කුඩා කාලයේ චරිතය සහ තරුණ වයසේ චරිත නිරුපණ දෙකක් දැක ගැනිමට හැකි වු අතර එහි තරුණ ඔෂින්ගේ චරිතය නිරූපණය කළ යූකෝ ටනාකා අපේ රටේ ප්‍රේක්ෂයන් අතර ආදරය දිනා ගත් චරිතයක් වුනා.

  1. මන්දිරා බේඩි

ඉන්දිය මේගා ටෙලි නාට්‍යයක් වන ‘ශාන්ති’ ටෙලි නාට්‍ය අපේ රට තුළද  සිංහලයට හඩ කවා විකාශ වු ඉතාමත් ජනප්‍රිය කතා මාලාවකි. මේ ඔස්සේ මන්දිරා බේඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත් අතර මේ නිසාම ඇය අපේ රටේ ටෙලි නාට්‍යයක ද රගපැම් කටයුතු සිදු කරනු ලබනවා.

  1. ලී යන්ග්

ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වු ලොකු කුඩා කා අතරත් අතිශය ජනප්‍රිය වු කොරියන් කාතා මාලාවක් වු  ‘සුජාත දියණිය’ කතා මාලාවේ ප්‍ර‍ධාන චරිතය වු චන්ගූමිගේ චරිතය පණ පෙවු ලී යන්ග් අපේ රටේ බොහෝ දෙනෙකුගේ සිත් සොරා ගැනීමට තරම් දක්ෂ රංගනයක නියැලෙනවා. ඇයට ලැබුනු ප්‍රේක්ෂක ආදරය නිසාම ඇය ලංකාවේ සංචාරය කිරිමට ද අමතක කරන්නේ නැ.

  1. ගෝසියා පියට්‍රොව්ස්කා

‘ස්පෙල් බයින්ඩර්’ නොහොත් මායා බන්ධන ඕස්ට්‍රේලියානු කතා මාලාවක් මෙරට තරුණ තරුණියන් අතර බොහෝ සේ ජනප්‍රිය වු කතා මලාවක් වන අතර මෙහි පළමු කතා මාලාවේ රියානාගේ චරිතය නිරුපනය කළ ගෝසියා පියට්‍රොව්ස්කා ද මෙරට ආදරය දිනා ගත් තරුණ චරිතයක් නිරුපණය කරනු ලැබුවා.

tardis-1024-768-wallpaper

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button