ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

දඟකාර කෙළිලොල් චරිත හරහා තරුණයින් වශී කරගත් අමන්දා ජයරත්න

හිරු නාලිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලි කතාවක් වන‘රැල්ල වෙරළට ආසයි’  ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට පණ පොවන සුන්දර යුවතියක් වන අමන්දා ජයරත්න ප්‍රේක්ෂකයා අතර මේ දින කතා බහට ලක් වන සුන්දර යුවතියක් වනවා.

මීට ප්‍ර‍ථමයෙන් ප්‍රේක්ෂකයා ඇයව හදුනා ගනු ලබන්නේ සිදූ, ආලියා, තාදි කියන ටෙලිනාට්‍ය හරහා වේ. මේ නිසාම ඇය වර්ථමානයේ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හදුන්වා දිය හැකි.

01

ඇයගේ පළමු නිර්මාණයෙන් පසු ඇයට රංගන වැඩකටුයුත රාශියක් ලැබී ඇත. නමුත් අධ්‍යාපන කටයුතු සමග බොහෝ දේවල් ප්‍ර‍තික්ෂේප කිරීමට ඇයට සිදු වුනා.

නමුත් රංගන කටයුතු ඉතාමත් අසාවෙන් සිදු කරන ඇය රංගන කටයුතු පිළිබද සදහන් කලේ මේ ආකාරයටයි. “රංගනය කියලා කියන්නේ අපිට දවසින් දෙකකින් හදාරලා අවසන් කරන්න බැරි දෙයක්. අපිට හැමදාම රංගනය කියන දේ තුලින් ඉගෙන ගන්න දේවල් තියනවා.”

02

ඇයට ලැබුනු චරිත සියල්ල එකිනෙකට වෙනස් වු අතර ඇයගේ දඝකාර පෙනුමත් සමග දගකාර  .කෙළිලොල් චරිත ඇයට ලැබි ඇත රැල්ල වෙරළට ආසයි ටෙලි නාට්‍යයේ ප්‍රධාන නිළි චරිතයට රග දක්වන්නට ඇයට අවස්ථාව හිමි වීම ඇයගේ රංගන ජිවිතයේ ලොකු වෙනසකට භාජනය වු අවස්ථාක් බව ඇය සතුටින් මතක් කර සිටියා.

03

සිනමාවට සම්බන්ධ වෙන්න නම් ආරාධනා කිහිපයක්ම ලැබුනද හොඳ චිත්‍රපටයක හොඳ චරිතයක් ලැබුණොත් එය සතුටින් භාර ගන්නා බවත් ඇය මතක් කර සිටියා.

දිගටම රංගන ක්ෂේත්‍ර‍යේ කටයුතු කිරීමට ඇය අදහස් කරන අතර සුන්දර අමන්දා ජයරත්නගේ රංගන කටයුතු සාර්ථක කර ගැනිමට හැකි වේවා යැයි අපි සුභ පතමු. ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් ඔබට පහතින් දැක ගැනීමට හැකි වේ.

04

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button