
දරුවන්ගේ ලෝකය සුන්දර කරන්නට ඔවුන්ගේ හැගිම් තේරුම් ගනිමින් ඔවුන්ට අධ්‍යපනයක් ලබා දෙන්නට වාගේම දරුවන්ගේ මනසට වටිනා යමක් එකතු කරන්නට ඔවුන්ගේ මනස යහපත් කරන්නට අපුරු ළමා කතා ලියන සිබිල් වෙත්තසිංහ මහත්මිය වාගේම දරුවන්ගේ සිත් ඇදබැද තබා ගත් අපේ රටේ තවත් එක් සුන්දර ලේඛිකාවක් විදිහට අපේ රටේ ජානකි සුරියආරච්චි ලේඛිකාව හදුන්වන්න පුළුවන්.

කුඩා දරුවන්ට ආස හිතෙන විදිහට විවිධ ළමා කතා ඔස්සේ ඔවුන්ගේ සිතට සතුටක් ගෙන එමට සමත් කතා ලිවීම සදහා ඇය සමත් වේ. ඇයගේ කෘතියේ පළමු පිටුව දකින ඕනෑම දරුවෙකුට ඇයගේ මේ සුන්දර ළමා කතා කියවීම මග හරින්නේම නැත. තරුණ කතුවරියක් වන ඇය පුංචි ළමයෙකුගේ මනසට යාටම හැකි වන සේ ලොකු කුඩා කාටත් රසවිදිය හැකි අයුරින් නිර්මාණය රැසක් සාහිත්‍යයට දායාද කර තිබෙනවා.

කෘති රචනයට වාගේම නර්තනයටත් ඇය එක වගේ දක්ෂතා දක්වන සුන්දර යුවතියක්. ඇය විසින්දරුවන් වෙනුවෙන් රචිත මේ ළමා කෘති විවිධ භාෂා වලටද පරිවර්ථනය කර තිබෙනවා. ඔබේ දරුවාට හොදමදේ ලබා දීමට කැමිත නම් ඇයගේ මේ වටිනා පොතක් දරුවාට ලබා දෙන්නට හැකි නම් එය වඩාත් යහපත් වේ.

සුන්දර රුවක් හිමි නිහතමානිකමින් පොහොසත් ඇයගේ අපේ රටේ සුන්දර ලේඛිකාවක් වන ජානකි සුරියආරච්චි මහත්මියට අපේ රටේ අනාගතයේ දරුවන්ගේ මනසට හොදම දේ ලබා දීමට හැකි වන සේ වටිනා කෘතින් තව තවත් රචනා කිරීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු. මේ සුන්දර ලේකිකාවගේ සුන්දර ඡයාරුප පෙළක් ඔබට පහතින් දැක ගැනීමට හැකි වේ.








