උණුසුම් පුවත්ගොසිප් පුවත්දේශිය පුවත්

පාසල් වැඩකටයුතු සමග දෙපා අහිමි වු අම්මව රැකබලා ගන්න අපේ කාලයේ උතුම් දියණියක්

දෙමාපියන් කියන්නේ අපේ ජිවිතයේම කොටසක් දෙමාපියන්ගේ අගය පිළිබද වචන වලින් අපට කියා අවසන් කරන්නට බැහැ. ඒ තරමටම ඔවුන්ගේ ආදරය බලවත්.

අද සමාජයේ දෙස බලන විට දෙමාපියන් නැති දරුවන්, දරුවන් නැති දෙමාපියන් කොතරම් අසරණ වී සිටිනවාද, එමෙන්ම දෙමාපියන් මහ මග අත්හැර දමා යන අවස්ථා කොතරම් අසස්සන දකින්නට ලැබෙනවාද. කිසිදු පිළිසරණක් නැති දෙමාපියන් අද වැඩිහිටි නිවාස වල කොතරම් සිටිනවාද.

නමුත් අපි මේ කියනනට යන්නේ ආදරණීය දෙමාපියන් මහ මග දමා යන, වැඩිහිටි නිවාස වලට ගොස් දමන මේ වාගේ කාලයක දෙපා අහිමි මැණියන්ට පිහිටක් වෙමින් ඇයව ආදරණයෙන් බලා ගන්නා පාසල් සිසුවියක් ගැනයි.

කුඩා කාලයේ තමන්ට උස් මහත් කොට ආදරයෙන් බලා ගත් ආදරනීය මැණියන්ව පාසල් යන වයසේ සිටම ඇයට බලා ගැනීම සිදු විම සැබැවින්ම ඇසට කදුලක් ගෙන ගෙන පුවතක් බවට පත් වුනේ පාසල් වැඩකටයුතු සමග ගෙදරදොර කටයුතු සහ ඇවිදින්නට නොහැකි එක් තැන් වු තම මව බලා ගැනීම ආදි වශයෙන් කටයුතු සියල්ලම තනිවම තම දැතින් සිදු කර ගැනිමට ඇයට සිදු වි තිබෙනවා.

පියා නොමැති මේ දැරිවිගේ මව විදෙස් ගත වන්නේ තම දියණියගේ යහපත සදහා වන අතර ටික කාලයකට පසු එම මවගේ පාදයේ අපහසුතාවයක් නිසා ඇයට එක් කකුලක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට සිදු වන අතර,

ඉන් අනතුරුව එක් පාදයකින් හා තවත් කෘතිම පාදයක සහයෙන් මෙම මැණියන් තම ජිවිතය ගැට ගසා ගන්නට වෙහෙසෙන අතර තවත් කණගාටු පුවත් වුයේ රෝදපුටුව පෙරළි යාමෙන් මේ මවගේ අනිත් කකුලටත් හානි විම නිසා එම කකුලත් කපා ඉවත් කිරිමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසනවා.

කෙසේ හෝ අවසානයේ මේ ආදරණීය මව සදාකාලිකවම ඇදට වැටෙන අතර ඇයගේ හයියට සිටියේ පාසල් වයසේ සිටින ආදරණීය දියණියයි.

මව බලා ගැනීමේ වගකීම භාර ගත් මේ දියණිය නැදැයන් කිහිප දෙනෙකුගේ සහය ඇතිව කෙසේ හෝ මේ වන විට තමන්ගේ ජිවිතය ගැට ගසා ගෙන යන අතර.

පාද දෙකම අහිමි වු තම මවගේ සියලුම කටයුතු සිදු කරන අපි මේ කතා කරන පාසල් දැරිවිය අධ්‍යාපන කටයුතු මග හරවා ගන්නේ නැතිව ඒ සියලු කටයුතු කළමනාකරණය කර ගනු ලබනවා.

ඒ සියලු කටයුතු ඇය කරන්නේ ඉතාමත් සතුටිනි. අලුයම අවදි වන මේ දියණිය තමන්ගේ දැතින්ම ආහාර පිළියෙල කර මවගේ සියලු කටයුතු සිදු කොට, ඇයගේ රෙදි සෝදා මවට කවා තමයි ඇය අධ්‍යාපන කටයුතු සදහා පාසලට යන්නේ.

මහ මග දෙමාපියන් දමා යන්නය තරම් නරක සිත් ඇති දරුවන් ඉන්නා සමාජයක මෙවැනි උතුම් දියණියක් ලැබීමට එම මැණියන් බොහෝ සේ පින්වන්තයි.

සැබැවින්ම අපි ඇය ගැන ආඩම්භර විය යුතුයි. දිරිය දියණියක් වන ඇයට ජිවිතේ ජය ගනමින් ආනාගතය සාර්ථක වේවා යැයි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button