
කලාවත් සමඟින් අද වන විට අත්වැල් බැඳ සිටින නවක කලාකාරිනියන් බොහෝමයකි. එවන් වූ කලාකාරිනියන් අතරේ මෑතකදී කලාවත් සමඟන් එකතු වුණු අති දක්ෂ කලාකාරිනිය තමයි ආලෝකා ධනංජනී කියන්නේ.
මේ වන විට ආලෝකා වටා එක් රොක් වී සිටින ප්‍රේක්ෂක පිරිස ද බොහෝ ය.
මේ දවස්වල ස්වාධීන රූපවාහිනියෙ විකාශනය වන කොළඹ ඉතාලිය ටෙලි නාට්‍යය මාලාවේ ද රංගනයෙන් දායක වන ආලෝකා, අඳුන්ගිර, මාණික්කාවත යනාදි ටෙලි නාට්‍යයන් වල ද රංගනයේ යෙදෙන අපූරු කලාකාරිනියක වනවා.
කලාව තුළ නවක තාරකාවියක් ලෙසින් කටයුතු කරන ආලෝකා, තමන්ට ලැබෙන ඕනෑම චරිතයකට සිය උපරිම රංගන දායකත්වය ලබා දෙන කලාකාරිනියක ලෙසින් ද හැඳින්විය හැකි අතර, ඇගේ කැමැත්ත වෙලා තිබෙන්නේ නම් ප්‍රවෘත්ති නිවේදිකාවක වන්නට වන අතර,
“සිරස ෆිල්ම්ස්ටාර්” රියැලිටි ප්‍රෝග්‍රෑම් එකත් සමඟින් අත්වැල් බැඳ ගත් නිසා තමයි අද ආලෝකාට කලාවට ඒමට හැකි වී තිබෙන්නේ.
කලාවත් එක්ක කටයුතු කරද්දී එන කැපිලි කෙටිලි වලට ඕන තරම් මුහුණ දී තිබෙන ආලෝකා කලාවත් එක්ක එකතු වන්නේ මේ සියල්ලම හොඳින් දැනගෙන කියලයි ඇය කියන්නේ.
ඉතින් ආලෝකා ට මුලින්ම නම් කලා කටයුතු ලැබී නොමැති අතර, ඒ වුණත් ආර්ථිකය ගැනම හිතලා දෙන හැම චරිතයක්ම ඇය භාරගෙන නැති අතර,
කලාවෙන් තව දුරටත් ඉදිරියට යන්න තමයි ඇගේ බලාපොරොත්තුව වෙන්නේ. සිරස නාලිකාවේ වෙළඳ දැන්වීමක තමයි ආලෝකා මුලින්ම සිය රංගනය ඉදිරිපත් කර තිබෙන්නේ.
පසුව පොඩි චරිතයන්ට පන පොවමින් තමයි ඇය අද වන විට සිය ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනා ගනිමින් දක්ෂ කලාකාරිනියක වන්නට ඇයට හැකි වී තිබෙන්නේ.

ඉතින් ආලෝකා මෙන්න මේ විදියට කියන්නටත් අමතක කරේ නම් නෑ. “මං ගොඩක් මේකප් දාගෙන කරන චරිත වලට වැඩිය කැමැති කෙනෙක් නම් නෙමෙයි.
හිඟන්නෙක්ගේ චරිත කරන්න පිස්සු චරිත කරන්න මං කැමැත්තෙන් ඉන්නවා. මට ටික් ටොක් පිස්සුවකුත් නෑ. මං මාවනැල්ලෙන් තමයි කලාවත් එක්ක එකතු වෙන්නේ.
ඒ කියන්නේ ගමේ ඉදන් කොළඹට ඇවිත් කලා කටයුතු කරලා ගෙදර ආවම ආයෙමත් පැයක් දෙකක් වගේ තමයි නිදාගෙන ඉදලා ආයෙමත් කොළඹ බලා පිටත් වෙන්නේ.
ඉතින් ඒත් එක්ක මගේ තාත්තා ත් පුදුම කට්ටක් තමයි කෑවේ. මොකද කොළඹ ඉන්න තැනක් තිබ්බෙත් නෑ. ඉතින් හරිම කටුක ජීවිතයක් තමයි ගත කරේ”, කියලා.








