
කාලෙන් කාලෙට අපේ රටේ තරුණ පරම්පරාව තුළින් විවිධ දක්ෂතා තියෙන දක්ෂ තරුණයන් සහ තරුණියන් ඔවුන්ගේ හැකියාවන් පෙන්වන මෙරට බොහෝ දෙනා තුළ ජනප්‍රියත්වයට පත්වෙනවා.
මේ නිසා බොහොම ටික කාලයක් ඇතුළත ඔවුන්ගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් තබාගැනීමට තරම් ඔවුන්ගේ එම දක්ෂතා හේතුවක් වනවා.
බොහෝ වෙලාවට වර්තමාන තරුණ පරම්පරාව කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වීම වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඉතින් අලුත් වන ලෝකේ කලාවත් අලුත් කරමින් නව රිද්මයන් ගෙන ඒමට සමත් අපේ කාලේ ලස්සන සුන්දර දක්ෂ තරුණියන් කණ්ඩායමක් මේ දිනවල මෙරට ප්‍රේක්ෂක ජනතාව අතර වැඩි කතා බහට ලක්වනවා.

අපි මේ කතා කරන්නට යන තරුණියන් තරුණියන් හතර දෙනා තරුණ පරම්පරාවේ තරුණයන් අතර වැඩිවශයෙන් කතාබහට ලක්වනවා. ඔවුන් හතර හතර දෙනාගේ සුන්දරත්වය සහ ඔවුන්ගේ දක්ෂතා නිසා තරුණයන් මේ දිනවල ඔවුන් පිළිබඳ වැඩි අවධානය තමයි සිටින්නේ.
සංගීත කලාව අලුත් කරමින් වෙනස්ම ආකාරයේ රසවින්දනයක් ප්‍රේක්ෂකයාට ගෙන ඒමට කටයුතු කරන මේ සුන්දර කණ්ඩායම හඳුන්වන්නේ yellow beatz ලෙසයි.
සුන්දර තරුණියන් හතර දෙනකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ සාමාජිකයන්ගේ නම් වන්නේ යශ් වීරසිංහ, කුශ්නි ප්‍රවින්ද්‍යා, රමේෂා ලක්ෂානි, සහ දිනුෂි ඉමල්කා වේ.

මේ වසරේ අගෝස්තු මාසයේ ඔවුන් විසින් මෙම කටයුත්ත ආරම්භ කර ඇති අතර මාස දෙකක් වැනි කාලයක් තුළ තුළ ඔවුන්ට ලැබුණු විශාල ප්‍රතිචාර ප්‍රමාණය නිසා ඔවුන් විවිධාකාර ගීත නිර්මාණය කරමින් ප්‍රේක්ෂකයාට රසවින්දනයක් ගෙන ඒමට කටයුතු කර තිබෙනවා .
ඔවුන් සිතුවාට වඩා වැඩි ප්‍රතිචාර ගණනාවක් අද වන විටත් ඔවුන්ට ගලා එන බව ඔවුන් මතක් කර සිටියේ ඉතාමත් සතුටිනි. ඔවුන්ට ලැබෙන ප්‍රතිචාර වැඩිවීම වැඩි වීම නිසාත් ඔවුන් ඉදිරියේ දී සංගීත කලාව අලුත් කරමින් නව නිර්මාණ ගණනාවක් ප්‍රේක්ෂක ජනයාට ගෙන ඒමටත් සංගීතය හා මුසු කරමින් අලුත් වැඩ රාශියක් කිරීමටත් බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් මතක් කර සිටියා.
ප්‍රසංග වේදිකා සඳහා අවසර දෙනු පසු ඔවුන් විසින් සජීවී ප්‍රසංගයකි ප්‍රසංගයක් ද සූදානම් කර සංගීත කලාව ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට ඔවුන් බලාපොරොත්තු වේ සිටින බවත් වැඩිදුරටත් පසුගියදා සහභාගී වූ මාධ්‍ය සාකච්ඡාවක දී ප්‍රකාශ කර තිබුණා.









