කොච්චර අව්වේ හිටියත් කළු වෙන්නෙ නෑ කියන ෆුට්බෝල් ක්‍රීඩාවට ආදරේ ‘චලෝ’ ටෙලිනාට්‍යයේ ‘හංසි’ ප්‍රවීණා පෙරේරා

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන තවත් අලුත් නාට්‍යයක් ලෙස “චලෝ” ටෙලිනාට්‍ය හදුන් වන්නට පුළුවන්. පාපන්දු ක්‍රීඩාව හා සම්බන්ධ පාසල් දරුවන්ගේ ක්‍රියාකලාපය මුසුවූ සුන්දර කතා මාලාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
මේ පාපන්දු ක්‍රීඩාව හා බැඳුණු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක් ලෙස හැඳින්වෙනවා. මෙම කතා මාලාව තුළ තුළ නවක රංගන ශිල්පිනියන් සහ ශිල්පීන් දැකගැනීමට හැකි වනවා.
මේ අලුත් මුහුණු අතර රංගනයට පිවිසි සුන්දර නිළියක් ලෙස ප්‍රවීනා පෙරේරා හඳුන්වන්න පුළුවන්. ඇය මෙම චලෝ කතා මාලාවේ හංසි ගේ චරිතය නිරූපණය කරනු ලබනවා.

ඇය පිළිබඳ කතා කතා කිරීමේ දී ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩා කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. දක්ෂ ක්‍රීඩිකාවක් නොවේ ඇය අද වන විට නවක රංගන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන්නට අවස්ථාව උදාවී තිබෙනවා.
2012 වසරේ දී ජාතික පාපන්දු කණ්ඩායමට තේරී පත්වන මේ දක්ෂ ක්‍රීඩිකාවක් වනවා. පාපන්දු ක්‍රීඩිකාවක් වශයෙන් කටයුතු කරන ඇයට රංගන කටයුතු අලුත් අත්දැකීමක් වූ බවත් ඇයගේ හිතවතෙකුගේ ආරාධනයෙන්,
ඇයට මෙම කතාමාලාවේ චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව උදව් වූ බවත් අහම්බෙන් ලැබුණු එම චරිතයට අද වන විට ප්‍රේක්ෂකයාගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙන බවත් ඇය සතුටින් මතක් කර සිටියා.

නවක රංගන ශිල්පිනියක් වශයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය සැබැවින්ම සුන්දර රූ සපුවක් හිමි යුවතියක් වනවා. පාපන්දු ක්‍රීඩාව නිසා දිනපතාම ඇයට ක්‍රීඩා පිටියේ අව්වේ ක්‍රීඩා කිරීමට සිදුවන බවත් කොතරම් අව්වේ ක්‍රීඩා කළත් තමන්ගේ වර්ණය අඩුවක් නොවන බවත්.
උපතින්ම ලැබුණු වර්ණය සිටියා කියා වෙනසක් නොවන බවත් ඇය මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණා. මොන දේ සිදු වුණත් ඇය ක්‍රීඩාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව වැඩිදුරටත් මතක සිටියා.









