
මීට වසර කිහිපයකට පෙර නර්තන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට පිවිසි ඒ දඟකාර යුවතිය අද වන විට අපේ රටේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයෙත් රසික හදවත් දිනා ගැනීමට සමත් රංගන ශිල්පිනියක් බවට පත්වී තිබෙනවා ඇය ඔබ කවුරුත් හඳුනන සුන්දර රංගන ශිල්පිනී නිරෝෂා තලගල වේ,
නර්තනයට දස්කම් දක්වන ඇයගේ නර්තන හැකියාව විවිධ වැඩසටහන් ඔස්සේ ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වුණා.ඇය මෙරට ප්‍රසංග ගණනාවක දී ඇයගේ නර්තනය වේදිකාව තුළ නැතිවම බැරි කරුණක් බවට පත් වුනා.
ඊට අමතරව මෙරට විකාශය වූ ප්‍රේක්ෂක ආදරය දිනා ගත්තේ නාට්‍ය රැසකට ඇයගේ රංගන දායකත්වය ලබාදී ඇති. සංගීත වීඩියෝ කිහිපයකට ද ඇයගේ එම සුන්දර මුහුණ දැක ගැනීමට හැකි වුණා.

රංගනයේදී ඇයට ලැබුණු බොහෝ චරිත කටකාර දඟකාර චරිත නිසා ඇය ප්‍රේක්ෂකයා අතරට ගිය විශේෂ චරිතයක් බවට පත් වුණා.
අද වන විට ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන්න නිරෝෂාට පුංචි දියණියක් සිටිනවා .රඟපෑම් කටයුතු කටයුතුවලදී මෙන්ම ආදරණීය දියණියගේ කටයුතු නිසා ඇය බොහෝ කාර්යබහුල වී සිටින අතර ඇයගේ පුංචි දියණියට අකුරු කියවීමේ උත්සවය පසුගිය දිනක පවත්වා තිබූ අතර ඇය තමන්ගේ සමාජ මාධ්‍ය තුල ඒ පිළිබඳ සටහනක් තබමින් තමන්ගේ ආදරණීය දියණිය පිළිබඳ මේ ආකාරයෙන් පවසා තිබුණා.

“ඕජි මැණික “අ” යන්න කිව්වා.
තු’ණුරුවන්ගේ ආ’ශිර්වාදයෙන්, ගණ’දෙවියන්ගේ, සරස්’වතී මෑ’ණියන්ගේ ආ’ශිර්වාදයෙන් රටට ලෝකයට වටිනා දරුවෙක් වෙන්න සියලු ශක්තිය වාසනාව ලැබේවා!”
අප කවුරුත් ආදරය කරන ඒ සුන්දර රංගන ශිල්පියෙක් තමන්ගේ ආදරණීය දියණියන් වෙනුවෙන් සිදුකරන ලද එම ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා යැයි ප්‍රාර්ථනා කරමු.









