බාධක වලට නොසැලි මුහුණ දෙමින් සරලව ජිවිතය ගෙවන සුන්දර කලාකාරිනිය උමාලි තිලකරත්න

උමාලි තිලකරත්න කියන්නේ අපේ රටේ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වාගේම ගායන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධියට පත් නිහතමානි සුන්දර යුවතියකි. අපේ රටේ රංගන කටයුතු සිදු කිරීම වෙනුවෙන් ඇය විවිධ අවස්ථා වලදී සම්මාන රැසකින් පිදුම් ලැබු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්ද වනවා.
ඇය වැඩිපුර කාලය ගත කරන ලද්දේ ජපානයේ වේ. ඊට හේතුව වන්නේ ඇයගේ අධ්‍යාපන කටයුතු සදහා ජපානයේ පදිංචි වී සිටිම නිසයි.
මනෝ විද්‍යාව ඔස්සේ තම අධ්‍යාපන කටයුතු වල නියැලි මනෝවිද්‍යා වෛද්‍යවරියක් වීමට සිහින දැකපු ඇයට එම බලොපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වුවත් අද ඇය රටම ආදරය කරන සුන්දර චරිතයක් බවට පත් වී තිබෙන්නේ සතු කලා හැකියාව නිසයි.

මෙරට විකාශය වු බොහීමියානුවා, මහපොළව වැනි විශිෂ්ට ගණයේ ටෙලි නිර්මාණ වලට මෙන්ම සිනමා පට කිහිපයක් සදහාද ඇයගේ රංගනයෙන් තම දායකත්ව ලබා දී තිබුනා.
ඇය වඩාත් කතා බහට ලක් වු කරුණක් වුයේ ඇය මෙරට ජනප්‍රිය යොවුන් රංගන ශිල්පියෙකු වු සාරංග දිසාසේකර සමග විවාහා වීම නිසයි. නමුත් අද වන විට ඔහුගේන් වෙන් වී තනිවම වාසය කරනු ලබනවා.
ඇය තමන්ගේ ජිවිතය මේ වන විට ගොඩ නාගා ගනිමින් ජිවිතයට මුහුණ දෙන නිහතමානි නුස්දර චරිතයක් වන ඇය ඒ පිළිබද මතක් කර සිටියේ මේ ආකාරයටයි.

“මම දකින්නේ ජිවිතේ සුන්දරම කාලය මේ මොහොත. මොකද ගෙවුන කාලය අපෙන් ගෙවිලා ඉවරයි. ඒක අතිතයට අයිති දෙයක්. මම මේ මොහොත මේ කාලය විදිනවා. අනික මම ආදරයෙන් පරාජිත නෑ.”
මේ නිසාම අද වන විට සරල ජිවිතයක් ගෙවන ඇය තමන්ගේ කලා කටයුතු සාර්ථකව සිදු කරමින් තමන්ගේ කාලය ගත කරන තැනැත්තියක් වේ. සුන්දර උමාලිගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.








