
අපේ රටේ කඩවසම් රංගන ශිල්පියෙකු වන සංගීත් සතරසිංහ පිළිබඳ මේ දිනවල විවිධ කතාබහ කතා බහට ලක්වනවා. ඔහු පිළිබඳ කතා කිරීමේදී උදාරි කෞෂල්‍යා කියන අපේ රටේ රංගන ශිල්පිනියක් සහ නිරූපිකාවක් වන ඇය ගැන කතා කළ යුතුම වෙයි.
ඇය අපේ රටේ පුංචි තීරය හැඩ කරන ලද සුන්දර කලාකාරිණියක් ලෙස කිව යුතුමයි. ඊට හේතුව වන්නේ සංගීත් සහ උදාරි දෙදෙනා පෙම්වතුන් වී පසුව ඔවුන් විවාහ දිවියට පත් වීමයි. සංගීත් සතරසිංහ කියන්නේ අපේ රටේ කඩා නිර්මාණ රැසකට දායකත්වය ලබාදුන් කඩවසම් තරුණයෙක්.

කලා පවුලකින් පැවත එන මොහු අප කවුරුත් දන්නා ප්‍රහසන නළුවෙකු වන සුරංග සතරසිංහගේ ආදරණීය පුතණුවන් වනවා. කාලයක් සතුටින් විවාහ දිවිය ගත කරපු සංගීත් සහ උදාරි යම් යම් හේතූන් නිසා නීතියෙන් වෙන් වීමට කටයුතු කරනු ලබනවා.

මේ ආකාරයෙන් කාලයක් තනිවී හිටිය මේ කඩවසම් රංගන ශිල්පියා වන සංගීත් සතරසිංහ ගැන විවිධ කට කටකතා පැතිරෙන්නට වූ අතර ඔහු රංගන ශිල්පිනී සංජනා සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව බොහෝ දෙනා කතාබහට ලක් වුණා.

නමුත් ඒ සියල්ල කටකතා බවත් සංජනා කියන්නේ ඔහුගේ හොඳම යෙහෙළියක් බවත් සංගීත් මතක් කර සිටියා.නමුත් මේ දිනවල සංගීත් සතරසිංහ ගැන කියන අලුත්ම ආරංචි තමයි ඔහු නැවතත් විවාහ වෙන්න සූදානම් වෙනවා කියන එක. කඩවසම් සංගීත් සතරසිංහගේ ඡායාරූප පෙළ ඔබට පහතින් බලාගන්න පුළුවන්









