උණුසුම් පුවත්ගොසිප් පුවත්

මගේ වහනෙටත් ගොඩක් කට කතා හැදුනා. මම ඇඳුමක් ඇන්දත් අඳින්නේ හොඳ බ්‍රෑන්ඩඩ් ඒවා

සිය සිහිනයන් පසු පස හඹා යන ඈ නමින් ත්‍රිකලා ධරණි නම් වන අතර, මේ වෙද්දී කාගෙත් කථා බහට ලක්වන ඇය කාගෙත් සිත් නෙත් ගත් ජනප්‍රිය ආදරණීය මෙන්ම ගෞරවනීය නිරූපණ ශිල්පිනියක වී හමාර ය.

එමෙන්ම ඇය ජාත්‍යන්තර තලයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක ද වී හමාර ය. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් සිප් සතල හදාල ත්‍රිකලා ධරණි කියන දෙයක් තමයි,

ඇය හරිම වාසනාවන්තයිලු එවැනි පාසලක අධ්‍යාපනය හැදෑරීමට ඇයට අවස්ථාව ලැබීම ගැන. මොකද ඕලෙවල් සඳහා ඒ සාමාර්ථයන් 10ක් ලබාගන්නා ත්‍රිකලා ඒලෙවල් සඳහා තෝරාගන්නේ බයෝ සයන්ස් වන අතර,

මෙඩිකල් කොලෙජ් එකට යන්න ඇයට මදි වන්නේ ස්වල්ප ලකුණු ප්‍රමාණයකි. ඉතින් 2017 වසරේ විශ්ව විවාහක රූ රැජින කිරුළට හිමිකම් කියූ ත්‍රිකලා ධරණිගේ ජීවිතය ඉතාමත් සුන්දර අන්දමින් එතැන් පටන් වෙනස් වන්නට පටන් ගන්නවා.

ත්‍රිකලා ගේ ෆැමිලි එකේ ඇයට ඉන්නේ සහෝදරයෙක් සහ සහෝදරියකි. ත්‍රිකලාගේ මවත් පියාත් දෙදෙනාම සංගීත ගුරුවරුන් වන අතර, ත්‍රිකලා පවුලේ මද්දුමයා වේ.

ඉතින් ත්‍රිකලා කුඩා කල සිටම, සංගීතයටත් නර්ථනයටත් යොමු වන අතර, ත්‍රිකලා කියන්නේ ඇගේ මවගේ කුසේ ඇය සිටිද්දි ඇයට ඇහෙන්නට ඇත්තේ සංගීතය කියලා වන අතර,

ඒ ඇගේ ආදරණීය පවුල නිරන්තරයෙන්ම සංගීතයත් සමඟින් කටයුතු කරන නිසාවෙන් වන අතර, ඉතින් අද වන විට ත්‍රිකලා ධරණි ඔබේ ආදරණීය නිරූපිකාව සංගීත විශාරද උපාධිධාරිණියක ද වනවා.

ත්‍රිකලාත් ඇගේ සහෝදරයාත් සහෝදරියත් හොඳම යාළුවෝ වගේ තමයි ඒ කාලෙ ඉදලාම ඉන්නේ. මොකද මොවුන් අතර ලොකූ වයස් පරතරයක් ද නොමැති නිස වන අතර,

ඉතින් ත්‍රිකලා කියන දෙයක් තමයි,

“අපි තුන්දෙනා පොඩි කාලේ ඉදන්ම සංගීත භාණ්ඩත් එක්ක තමයි සෙල්ලම් කරේ. ඉතින් ඒ ළමා කාලය හරිම සුන්දරයි”, කියලා. ඔන්න ඉතින් බොහෝ දෙනෙක් ත්‍රිකලාව විවේචනය කරන්නට පටන් අරගෙනත් තියනවා.

ඒ වුණත් ඇයට ආදරේ කරන පිරිස නම් අති මහත් ය. ඔයාලා දන්නවා ද? ත්‍රිකලාගේ ලොකුම හීනය වෙලා තිබ්බේ මොකද්ද කියලා. ඉතින් ඒ තමයි,

ඇය ආසම පාටින් ඒ කියන්නේ “රෝස පැහැයෙන්” යුතු range rover එකේ සිහිනය අද වෙද්දී ඇය විසින් සැබෑ කරගෙන තිබෙනවා. ඒ වුණත් ඉතින් ඒකට නම් ගොඩක් දෙනෙක් හරි හරි කථා තමයි කියන්නේ.

ඉතින් ත්‍රිකලා ධරණි මෙලෙසින් තමි ඒ ගැන අදහස් දක්වන්නේ, “සමහර තැන් වලදී මගේ හිත රිදුණා. ඇයි මෙච්චරටම මිනිස්සු කුහක වෙන්නේ.

මම මගේ range rover එක ගත්තේ ගොඩක් දුන් මහන්සි වෙලා. දෙමාපියන්ගේ දේපළ මතින් යැපිලා මගේ හීනේ සැබෑ කර ගත්තේ නෑ මං. අවුරුදු 5ක් 6ක් එක දිගටම කට්ට කාලා තමයි මං මගේ range rover එක ගත්තේ.

මේ අතරේ සමහරු මට කිවුවා මං මගේ හීන සැබෑ කරගත්තේ කුඩු සල්ලි වලින් කියලා. සමහර අය මට බැනලා තිබ්බා මැති ඇමතිවරුන්වත් මගේ නමට ගාව ගෙන.

ඔය වගේ හිත රිදෙන කථා ගොඩක් දෙනෙක් කිවුවා. මං රටට වැරිදි ආදර්ශ දෙන්නියක් නෙවෙයි. මං කරන්නේ මගේ හෘද සාක්ෂියට අනුව හරි දේවල් නම් මට සමාජය කියන කථා අදාලම නෑ.

අනිත් එක මං ඇඳුම් ඇන්දත් හොඳ බ්‍රෑන්ඩ් ඒවා තමයි අඳින්නේ. නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දුර යන්නට මට මගේ වාහනය (range rover එක) ගොඩාක් මහෝපකාරී වුණා. අ

නිත් එක මං වෙනස් විදියට හිතන පතන කෙනෙක් කිවුවොත් නිවැරදියි. ඒ නිසාම මං මගේ හීනෙත් සැබෑ කරගත්තා. ඒ වගේම ඉතින් මං ලෝකයාට ඕන විදියට ජීවත් වෙන කෙනෙක් නම් නෙවෙයි”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button