
මේ දිනවල බොහෝ දෙනා ඉතා ආශාවෙන් නරඹන “නීල පබලු” ටෙලි නිර්මාණය තුළින් හා “කොළඹ ඉතාලිය” ටෙලි නිර්මාණය තුළින් ඔබගේ ආලින්දයට පැමිණෙන ඇය අති දක්ෂ ,සුරූපි ,යොවුන් රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායක එහෙමත් නැත්නම් පාතිමා රුක්ෂානා ෆයිරූස් නම් වෙනවා.
මව ,පියා හා බාල සොහොයුරෙකු ගෙන් යුත් පවුලේ එකම, වැඩිමල් දියණිය වන ඇය මුස්ලිම් ජාතික සම්භවයක් සහිත තරුණියක වන අතර මව සිංහල ජාතික කාන්තාවක වුවත් පියා මුස්ලිම් ජාතිකයකු බවයි අපිට දැනගන්න ලැබුණේ.
එම නිසාම සියලු ආගම් එක ලෙස අදහන, සියලු ආගම්වලට එකහා සමානව ගරු කරන ඉතා නිහතමානී සුන්දර තරුණියක් ලෙස රුක්ෂානාව අපිට හදුන්වා දෙන්න පුළුවන්.
මින් පෙර නිරන්තරයෙන් රූපවාහිනී තිරය ඔස්සේ අපට දක්නට ලැබුණු රුක්ෂානා මේ දිනවල අවම වශයෙන් සීමාසහිතව දක්නට ලැබීම ගැන ඇය කියා තිබුනෙ මේ දිනවල ඇයට රංගනය සඳහා ලැබෙන ආරාධනා අඩු වී ඇති බවත්,
වර්තමානයේ ක්ෂේත්‍රයට පා තබා සිටින නවක රංගන ශිල්පිනියන්ට වැඩි අවස්ථා ලැබෙන නිසා ප්‍රවීණයන්ගේ අවස්ථා අවම වී තිබෙන බවයි.
තවමත් යොවුන් වියේ පසුවන රුක්ෂානා “නීල පබලු” ටෙලි නිර්මාණයේ “රෙෂ්මා” නමින් තම වයසට සමාන තරුණියකගෙ නැන්දා කෙනෙක් ලෙස වැඩිමල් චරිතයකට රංගනයෙන් දායක වීමට ලැබීම ගැන එතරම් සතුටු නොවන බවත්,
එවිට ලැබීමට තිබෙන යොවුන් චරිතයන් පවා ලබාදීමට අධ්‍යක්ෂකවරුන් මැලිකමක් දක්වන බවයි ඇය කියා සිටියේ. තාඩන ,පීඩන, දුක්ගැහැට මතින් කුඩා තැන සිට මෙතරම් දුරක් පැමිණ තිබෙන මේ යොවුන් රංගන ශිල්පිනිය පවසන්නේ
ඇයට ජීවිතයේ වාසනාවට කිසිම දෙයක් ලැබී නොමැති අතර ලද සියලු දේ උත්සාහය ,උනන්දුව මත ලබාගත් දේවල් බවයි. මේ දිනවල රංගනයට ලැබෙන ආරාධනා අඩු බැවින්
අකමැත්තෙන් වුවත් භාරගත් චරිතයන්ට උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරන රුක්ෂානා පවසන්නේ චරිතයන් තෝරා ගැනීමේ දී ඇය බොහෝ දේ පිළිබඳව සැලකිලිමත් වන බවත් ,අඩ නි’ රුවත් දර්ශන සහිත නිර්මාණයන් කිසිදා බාර නොගන්නා බවයි.
ඉතින් බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින මේ හුරුබුහුටි, අවිහිංසක යොවුන් රංගන ශිල්පිනිය රුක්ෂානා දිසානායක ට ආදරය කරන ඔබ වෙනුවෙන් අපි අද ඔබවෙත රැගෙන ආවේ ඇයගේ ඡායාරූප එකතුවකුයි.








