අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

පාසල් කාලේ ගොඩක් අය ආස කලේ මගේ කොණ්ඩෙට

ඇය අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියකි. සිය රංගන කෞෂල්‍යතාවයන් දිනෙන් දින වැඩි කර ගනිමින් අද වන විට කාගෙත් ගෞරවයට ආදරයට පාත්‍ර වී සිටින ඇය නමින් දිලිනි ලක්මාලි වන අතර,

පාසල් කාලේ නම් දිලිනි කියන්නේ හරිම චණ්ඩි කෙල්ලක් වන අතර, ප්‍රථමයෙන් මිශ්‍ර පාසලක අධ්‍යාපනය හදාරන දිලිනි පසුව බාලිකා පාසලක තමයි සිය අධ්‍යාපන කටයුතු හදාරන්නේ.

අද වන විට දිලිනි කියලා කියන්නේ රංගනයෙන් ඉස්සරහටම ගිය ආදරණීය චරිතයක් වනවාක් මෙන්ම අද වන විට ඇය වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් එක්රොක් වී සිටින්නේ ඇගේ වූ අපූරු රංගන කුසලතාවයන් නිසාම ය.

දිලිනිගේ පාසල් කාලේ ගැන කිවුවොත්, පාසලේ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ ද සිටි දිලිනි කියලා කියන්නේ “බෙර ගහන්න” ගොඩක්ම කැමති චරිතයක වන අතර,

ඇය කුඩා කල ගෙදරට ගේන ටීවි වල එහෙම හිස් පෙට්ටි යි කෝටු 2කුත් අරන්, ඩ්‍රම් ගහන්නත් පුරුදු වෙලා ඉදලා තිබෙන අතර, එතකොට දිලිනිට වයස නම් අවුරුදු 10ක් විතර වන අතර,

ඉතින් ඒ කාලේ හුරුවත් එක්ක ඇය දවසක් දා පාසලේ තම්මැට්ටමට තට්ටු දමමින් සිටින අතරේ, ඇගේ පාසල් ගුරුවරිය ඇගෙන් අසා තිබෙනවා ඇයට තම්මැට්ටම ගසන්න පුලුවන් ද කියලා.

ඉතින් ඒ අවස්ථාවේ දී දිලිනිට දැනී තිබෙන්නේ පුදුමාකාර සතුටක් වන අතර, ඉතින් ඒ හින්දාම දිලිනි හොඳින් හුරුවෙලා වී තම්මැට්ටම වාදනය කර තිබෙනවා.

ඉතින් ඒ විතරක් නෙවෙයි ඇගේ අත් අකරු වලට ද ඒ කාලේ ලැබී තිබෙන්නේ ඉතා හොඳ ප්‍රතිචාරයන් ය. ඉතින් මේ නිසාම දිලිනි ඇගේ පාසල් කාලේ 11,12 සහ 13 වැනි ශ්‍රේණි වල දී, අත් අකුරු තරඟාවලියේ දෙවනි ස්ථානය ද ලබාගෙන තිබෙන අතර,

පොත පත දැනුමටම පමණක් සීමා නොවී සිටි ඇය ක්‍රීඩා අංශයෙනුත් දක්වන්නේ නොමඳ දක්ෂතාවයක් වන අතර, පාසල් කාලේ ජොලියේ ම හිටපු චරිතයක් තමයි දිලිනි කියලා කියන්නේ.

ඔන්න ඉතින් දිලිනිට පාසල් කාලේ ප්‍රේමයක් ද තිබී ඇති අතර, ඉතින් ඒ කාලේ දිලිනිට වැඩිම ආකර්ශනයක් තිබී ඇත්තේ ඇගේ දිගුවන් වරලසට වන අතර, දිලිනි මෙන්න මේ වගේ හරිම අපූරු කථාවක් තමයි කියන්නේ.

“යාළුවොත් එක්ක හරිම විනෝදෙන් තමයි ජීවිතේ ගත කරේ ඒ කාලේ, සමහර වෙලාවට පරණ යාළුවෝ පවා කතාබහ කරන අවස්ථා එමටයි.

එෆ්.බී එකෙන් ගොඩක් පරණ යාළුවෝ හම්බවෙනවා. අපි හැදුන තැන ජීවිතේ ගොඩ දාපු දෙවනි අම්මානේ ඉස්කෝලේ කියන්නේ. ඉතින් ඒ ජීවිතේට මාරම ආදරෙයි”, කියලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button