අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්

තරුණියන්ගේ සිහින කුමරා සිහිනය සැබෑ කර ගනිමින් උපාධිය ගත්තු හැටි

අපේ රටේ බොහෝමයක් තරුණ පිරිස් කලාවට යොමු වන්නට පටන් අරන් තිබෙන කාල වකවානුවක ඒලෙසින් කලාවට එක්වුණු නව පරපුරේ දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන තරුවක් විදියට ඉෂාර මධුෂාන් ව හැඳින්විය හැකි අතර,

තරුණියන්ගේ සිත් සොරාගන්නට සමත් ඔහු, ඉෂාර මධුෂාන් කියන නමටත් වඩා ඔහුව හැමෝම දන්නේ, “රදීෂ්” කිවුවාමයි.

කාගෙත් සිත් ගත් කඩවසම් පෙනුමැති ඉෂාර මධුෂාන් කිවුවම නොදන්න කෙනෙක් නෑ. ඒ තරමකට ඔහු වටා එක් රොක් වී සිටින පිරිස අතිමහත්.

හැමෝම ගොඩාක් ආස කරපු ටෙලි කථා මාලාවක්නේ, දෙරණ නාලිකාව මඟින් විකාශනය කළ “දෙවනි ඉනිම” කියන්නේ.

ඉතින් මෙලෙසින් කා අතරත් ජනප්‍රියත්වයක් ඉසිලූ “දෙවනි ඉනිම” ටෙලි නාට්‍යයයේ ලිහිණිගේ පෙම් කුමරා විදියට රංගනයේ යෙදුණු ඉෂාර ව මුලින්ම අඳුනගන්නේ අවුරුදු කුමරා තරඟයෙන් වන අතර,

අද වන විට ඉෂාර ගුරු වෘත්තිය ද හොබවන අතර, ඔහු හදාල අධ්‍යාපනය අනෙකාට ලබාදෙන්නට තරම් වාසනාවන්ත වී තිබෙනවා. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපේ රටේ හැමෝටම ඉෂාර ගණිතය විෂයය නොමිලේම කියා දෙනවා.

ඉතින් ඉෂාර සැබෑම ගුරුවරයෙකි. තමන් උගත් දෑ නොපැකිලිව කියා දෙන සැබෑ දක්ෂයෙකු වන ඉෂාර ළඟ ආඩම්බරකම කුහකකම ගෑවිලාවත් නෑ.

එවන් වූ භූමිකාවන්හි නිරත වන්නා වූ ඉෂාර අද වන විට සරසවි සිහිනය පවා සැබෑ කරගෙන තිබෙන අතර, ඒ ඉංජිනේරු පීඨය සඳහායි ඉෂාර තේරී පත්ව තිබෙන්නේ.

ඒ තමයි ඉෂාරගේ ජීවිතේ සුවිශේෂි දවසක් වන්නේ. ඉෂාර කියලා කියන්නේ හරිම දක්ෂයෙක්.

ඒ මොකද දන්නවා ද?

විටෙක ඉෂාර ගුරුවරයෙකුගේ භූමිකාව හරි අපූරුවට සිදු කරනවා.

ඒ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ගණිත ගුරුවරයෙකු විදියට කියලා ඔයාලා දැන් දන්නවනේ. තවත් භූමිකාවක් තමයි, ඉෂාරට ඉංජිනේරුවෙකු විදියට ජීවිතේ ජයගන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඒ විතරක් නෙවෙයි, ඔහුගේ උපාධි උත්සවයත් මේ ළඟදි දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී පවත්වන්ට වූවා.

එවන් වූ අපූරු භූමිකාවන්හි නිරත වන ඉෂාර කලාවට ද අතහිත දෙමින් තම රංගන ජීවිතය සාර්ථක කරගෙන තිබෙන අපූරුව ගැන මොනවට කියනවද?.

අපිත් ඉෂාර මධුෂාන් ඔබ ආදරය කරන ආදරණීය කලාකරුවාගේ ජීවිතේ ඉදරිය තව තවත් සතුන් ගලා යන්නට යැයි පුංචි ප්‍රාර්ථනාවක් එක් කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button