ක්රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට බොහෝ සේ කැමැත්ත දක්වන රියැලිටි තාරකාවියක් වන මදුනිකා නශාලි

වර්තමානයේ බොහෝ දෙනකුගේ ප්රියතම රියැලිටි වැඩසටහන වන “හිරු ස්ටාර්” තරගාවලිය හරහා ගායන ලෝකයට පෑයූ දහසක් තරු අතර මදුනිකා නශාලි කියලා කියන්නෙත් බොහෝ ප්රේක්ෂක ආදරයක් හිමි වූ අති දක්ෂ, ජනප්රිය ,යොවුන් ගායන ශිල්පිණියක්.
“මතකද මාව තාම ඔයාට…” ගීතය හරහා වඩාත් ප්රේක්ෂකයින් හඳුනාගන්නා ඇය සංගීත ක්ෂේත්රයට මෙන්ම ක්රීඩාවට ද බෙහෙවින් ඇලුම් කරන බවයි කියා සිටියේ.
ඒ අතරින් ෆුඩ් බෝල්, වොලි බෝල් ,චෙස් වැනි ක්රීඩා නැරඹීමට ප්රිය කරන ඇය මෑතක සිට ක්රිකට් ක්රීඩා ලෝලියෙකු වී ඇති බවයි අපට දැනගන්න ලැබුණේ.
ක්රිකට් ක්රීඩාවට දක්වන ඇල්ම නිසාම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහභාගී වන තරගාවලීන් අත් නොහැරම නැරඹීමට පෙළඹී සිටින මදුනිකා ගේ ප්රියතම තරඟකරුවන් වන්නේ,
චාමික කරුණාරත්න, පැතුම් නිශ්ශංක හා කුසල් මෙන්ඩිස් බවත් පැරණි ක්රිකට් ක්රීඩකයන්ගෙන් කුමාර සංගක්කාර හා ලසිත් මාලිංග බවයි කියා සිටියේ.
ඒ වගේම ඕස්ට්රේලියානු ක්රීඩක ස්ටීව් ස්මිත් ට හා නවසීලන්ත ක්රීඩක කේම් විලියම්සන් හට ද විදෙස් ක්රීඩකයින් ගෙන් ප්රිය කරන බවයි මදුනිකා කියා සිටියේ.
ඒ වගේම ක්රිකට් ක්රීඩාවට දැක්වූ ආසාව නිසාම බොහෝ තරඟාවලි සජීවීව නැරඹීමට ගොස් ඇති ඇය කියා සිටින්නේ දැනට නරඹා ඇති තරගාවලි අතරින් 2012 වසරේ පැවති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැති ශ්රී ලංකාවේ ජයග්රහණය කළ අවසන් පූර්ව තරගය හොඳම තරගාවලිය බවයි.
ඉතින් දක්ෂතා වලින් පරිපූර්ණ, තවමත් යොවුන් වියේ පසුවන මේ ජනප්රිය ,අති දක්ෂ ගායන ශිල්පිනිය මදුනිකා ගේ ඉදිරි ගමනට අපි ඇයට සුබ ප්රාර්ථනා එක් කර සිටිනවා.








