අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

තරුණියන් ආකර්ෂණය කරගත් නළු ගිවන්ත අර්තසාද් යුගදිවියට ගිහින්ද

“ජීවිතය ලස්සනයි” ටෙලි නිර්මාණය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට “අපි අපි වගේ”, “සඳ සඳ වගේ”, “පළිඟු”… වැනි ටෙලි නිර්මාණයන් රාශියකට රංගනයෙන් දායක වී ඇති ඔහු

රංගන ශේස්ත්‍රය තුළ අති සාර්ථක ,දිගු ගමනක් පැමිණ ඇති එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට බිහිවූ දක්ෂ රංගන ශිල්පීන් අතරින් තැබිය හැකි රංගන ශිල්පියකු කිව්වොත් ඔබත් එය පිළිගනු ඇති.

මේ වන විට රංගනයට අමතරව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද තම කලා ගමන ඔප මට්ටම් කර ගෙන ඇති ඔහුගේ ප්‍රථම කුළුදුල් අධ්‍යක්ෂණය ලෙස “කාසි”ටෙලි නිර්මාණය හඳුන්වා දෙන්න පුළුවන්.

ඉතින් ඔහු තමයි කලාවට මහඟු මෙහෙයක් ඉටුකරමින් යන ඔබ අප කවුරුත් බෙහෙවින් ආදරය කරන අති දක්ෂ, ජනප්‍රිය, කඩවසම්, යොවුන් රංගන ශිල්පී ගිවන්ත අර්ථසාද් කියලා කියන්නේ.

ඉතින් ඒ ව්ස්ගේම ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂකයින් හට සුබ ආරංචියක් ලෙස ඔහු රංගනයෙන් දායක වුණු නිර්මාණයන් දහයක් පමණ ඉදිරියේදී පැමිණීමට නියමිතව තිබෙන බව කියන්න කැමතියි.

ඒ වගේම පසුගිය දිනක සුරූපී තරුණියක සමග ඔහු මංගල ඡායාරූප දැක්මක් සඳහා සහභාගිව තිබුණු අතර එය ඉතා ආකර්ෂණීය අයුරින් ඡායාරූප ගත කර තිබුණා.

එලෙසට ඔවුන්ගේ සුන්දර ඡායාරූපයන් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ අපේ රටේ ඡායාරූපකරණයේ ඉතා ඉහළ පෙළේ නමක් දිනා සිටින අති දක්ෂ ,ජනප්‍රිය ඡායාරූප කරන ආයතනයක් වන “සේයා සංකල්ප” ඡායාරූපකරණ ආයතනය විසිනුයි.

ඉතින් ඔබ මෙතෙක් දැක නැති මේ කඩවසම් රංගන ශිල්පියා සහභාගිව තිබූ ඡායාරූප පෙළ ඔබත් සමග බෙදා ගන්න අපි සිතුවා. ඉතින් අද අපි මෙ ලෙසට ඔබ වෙත රැගෙන ආවේ එම ඡායාරූප පෙළයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button