
ක්රීඩාව පැත්තෙන් ගත් විට වර්තමානයේ බොහෝ දෙනාගේ වඩාත් ජනප්රිය ක්රීඩාව ලෙස ක්රිකට් හඳුන්වා දෙන්න පුළුවන්.
මේ වන විට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ සිටින බොහෝ රසික රසිකාවියන්ගේ ආදරේ දිනා සිටින ක්රීඩකයන් අතරින් වඩාත් රසික ආදරයට පාත්ර වෙලා ඉන්නේ ඔහු කිව්වොත් නිවැරදියි.
වැඩි වශයෙන් තරුණියන්ගේ ආකර්ශනය දිනා සිටින ඔහු අති දක්ෂ, කඩවසම්,යොවුන් දකුණත් පිතිකරුවෙකු වන ධනංජය ද සිල්වා යි. ටෙස්ට් තරග 36 කදී ලකුණු 2253 ක් ලබා ගැනීමට සමත් වූ ඔහු
T20 තරග 20ක ට පමණ සහභාගී ව ලකුණු 406ක් ලබාගැනීමටත්,OTI තරග 35 කදී ලකුණු 1112 ක් ලබා ගැනීමටත් සමත්වෙලා තියෙනවා.
ඒ වගේම පසුගිය ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දස්කම් පෙන්වූ ක්රීඩකයකු වන ඔහුගේ සුන්දර සිනහවට වසඟ නොවූ තරුණියක් නොමැති තරම් කිව්වොත් නිවැරදියි.
මේ වන විට සුන්දර විවාහ දිවියක් ගත කරන ඔහුගේ යුග දිවියට මේ වන විට වසර දෙකක පමණ කාලයක් ගතවන අතර ඔහුගේ අතගත් වාසනාවන්තිය තමයි සඳුනි කියන්නේ.
ඇයත් ඉතා සුරූපී, ප්රියමනාප තරුණියක වන අතර ඉකුත් දිනක ඔවුන්ගේ සතුට දෙගුණ තෙගුණ කරමින් මවුපිය පදවිය ලැබීමේ වාසනාව උදා කර ගනිමින් ඔවුන්ගේ පුංචි කැදැල්ලට හරි අපූරු, සුරතල් දූ සිඟිත්තියක් එකතුව තිබුණා.
බොහෝ දෙනාගේ සුබ පැතුම්, ප්රීති ඝෝෂා මධ්යයේ ඉතා සුඛෝපභෝගී අයුරින් යුග දිවියට ඇතුළත් වුණු ඔවුන්ගේ දිවියට අර්ථයක් එක් කරමින් කැදැල්ලට එක් වූ මේ දූ සිඟිත්තිය ඉතා සෙනෙහෙ සිතින් පිළිගනිමින් ඔහු තම සතුට එක් කරමි ඡායාරූප පෙළක් ද සමාජ මාධ්ය ඔස්සේ මුදාහැර තිබුණා.
ඉතින් මේ සුභ රංචිය ට දෙස් විදෙස් ඔහුගේ ක්රිකට් ලෝලී රසික රසිකාවියන් සමාජ මාධ්ය ඔස්සේද සුබ ප්රාර්ථනා එක් කර තිබුණු අතර අපිද ධනංජයගේ අනාගතයට හා ක්රිකට් දිවියට මෙන්ම අලුත උපන් පුංචි සිඟිත්තිය ට ද සුබ ප්රාර්ථනා එක් කර සිටිනවා.









