
අපේ රටේ රිදී තිරය හැඩ කරන ලද අග්‍ර ගණයේ රංගන ශිල්පිනී නතර කාගේත් ආදරය දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් වශයෙන් දිල්හානි ඒකනායක මහත්මිය හඳුන්වන්ට පුලුවන්ද.
එදා දුටුවා සේම අදටත් සුන්දරත්වයෙන් අඩුවක් නොවුණු ඇය මේ දිනවල කාගේත් අවධානයට යොමු වූ චරිතයක් බවට පත්වුණේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා විසින් නිර්මාණය කරන ලද මට සිනමාවේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කරන ලද චිත්‍රපටයක් වූ ” ජං ගි හොරා ” චිත්‍රපටය නිසා වේ.
මිනිස් සමාජයේ දැකගත හැකි නමුත් කවුරුත් කතා කිරීමට අකමැති සිද්ධියක් මුල් කර ගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් ගණනා මත ගේ රංගන දායකත්වය දැක ගැනීමට හැකි වන අතර,
ඒ අතරිනුත් මෙහි සුවිශේෂී රංගන දායකත්වයක් ලබාදෙන දිල්හානි ඒකනායක මහත්මියගේ චරිත නිරූපණය බොහෝ දෙනාගේ අවධානයට සහ කතා බහට ලක්වූ චරිතයක් බවට පත්වෙනවා.
ඇය විසින් අලුත් ආන්දෝලනාත්මක චරිත නිරූපණයක් මෙම චිත්‍රපටය තුළ සිදුකරනු ලබන අතර වැඩිහිටි යන්ට පමණක් වූ දර්ශන වලට මුහුණ දීමට පවා ඇයට සිදු වූ අතර,
තමන් වැඩිහිටියෙකු නිසා එය තමන්ට අභියෝගයක් නොවූ බව පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් දිල්හානි ඒකනායක මහත්මිය තම අදහස් පළ කර සිටියා.
අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙකු සමග සමග රංගනයෙන් දායක වන ඇයගේ සුවිශේෂී චරිත නිරූපණය නිසා විටෙක ඇයට චෝදනා ද එල්ල වී ඇති බවත් නමුත් ඒ පිළිබඳ පිළිබඳ තමන් තුළ පසුතැවීමක් නොමැති බවත්,
ඇය මෙහිදී ප්‍රකාශ කර තිබුණා. අලුත් පරම්පරාවේ රංගන ශිල්පියෙකු සමඟ මෙලෙස වෙනස්ම ආකාරයේ චරිත නිරූපණය ඉතාමත් සතුටින් සහ සහයෝගයෙන් සිදුකර බව ඇය තම සතුටින් මතක් කර සිටියා.
ඉතාමත් විශිෂ්ට ගණයේ චරිත නිරූපණයකට සහභාගිවෙමින් ප්‍රේක්ෂකයාගේ අවධානය නැවත යොමු කර කරගැනීමට සමත්වූ මෙම අග්‍ර ගණයේ රංගන ශිල්පිනියගේ ඉදිරි රංගන කටයුතු සාර්ථක කරගනිමින්
මෙවැනි විශිෂ්ට ගණයේ නිර්මාණ සඳහා තව තවත් දායක දායක වීමට ඇයට අවස්ථාව උදාවේවා යයි ප්‍රේක්ෂක අපි අයට හදවතින්ම සුභ පැතුම් එක් කරමු
‘හදගැස්ම’ ඇසුරින් තොරතුරු ලබා ගන්නා ලදී








