ගොසිප් පුවත්තරු ගොසිප්

දිවිතුරා ටෙලි නාට්‍යයේ වින්ඩිගේ චරිතයට පණ පොවන සරාගී සුන්දර යුවතිය නිලූෂි පවන්යා

නිරූපිකාවක් ලෙස ක්ශේත්‍රයට පැමිණි ඒ සරාගී යුවතිය බොහෝ දෙනා අතර අවධානය දිනා දිනාගැනීමට සමත් වූ යුවතියක් වූයේ ඇය සිදු කරනු ලබන  විවිධ විලාසිතා හේතුවෙනි. රංගන ශිල්පිනියක් ලෙස අද වන විට කටයුතු කරන ඇය නමින් නිලූෂි පවන්යා වේ.

හිරු නාලිකාව ඔස්සේ ඇයගේ රංගනයන් ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වන අතර හිරු නාලිකාවේ විකාශය වන  “හුස්මක් තරමට” සිරි නාට්‍යයේ මෙන්ම මේ දිනවල අතිශය ජනප්‍රිය බොහෝ දෙනාගේ ආදරය දිනාගත් කතාවක් වූ ” දිවිතුරා ” ටෙලි නාට්‍ය තුළින් ද ඇයගේ රංගනයන්ට එක ගෙන ඒමට හැකි වී තිබෙනවා. දිවිතුරා  කතා මාලාවේ වින්ඩිගේ චරිතයට පණ පොවන්නේ ඇයයි.

2015 දෙරණ මිස් ශ්‍රී ලංකා තරගාවලියේ ජනප්‍රිය චරිතයක් බවට පත් ඇය මේ වන විට මෙරට කලා ක්ෂේත්‍රයට යොමු වී සිටින නවක රංගන ශිල්පිනියක් වනවා.

නිරූපිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය කලාව පිළිබඳ හදාරා ඇති අතර රංගනය කටයුතු මෙන්ම නර්තන කටයුතු තවමත් හදාරනු ලබනවා.

රංගනයට අලුත්ම සුරූපී යුවතියන් ඉදිරියේදී ටෙලි නාට්‍ය වලින් මෙන්ම සිනමාව තුළින් ද තුළින් ද ප්‍රේක්ෂකයාට දැක ගැනීමේ ඉඩ ප්‍රස්ථාව පවතිනවා.

මේ වසර අවසානයේදී ඇය රංගනයෙන්  දායක වූ ඇගේ පළමු චිත්‍රපටය වන “නිලූ මං ආදරෙයි ” සිනමාපටය මෙ වසර අවසානයේ දී ප්‍රේක්ෂකයාට දැක ගැනීමට හැකි වන බව ඇය සතුටින් මතක් කර සිටියා.

ඇය කලා ක්ෂේත්‍රයේ වැඩිපුර කැමැත්ත දක්වන්නේ ටෙලිනාට්‍යවලට වඩා චිත්‍රපටිය  නිර්මාණ වලට දායක වීමටයි. අද වන විට  නිවේදිකාවක් ලෙසද  කටයුතු කරනු ලබන අතර සියත නාලිකාවේ ඇය නිවේදිකාවක් වශයෙන් කටයුතු ආරම්භ කර ඇති අතර එම ක්ෂේත්‍රයෙන් ද ඇය ලොකු ගමනක් මේ වන විට පැමිණ සිටින බව මතක් කර සිටියේ සතුටිනි.

ඉදිරි දිනයක දී උපාධිය ලබා ගැනීමේ අරමුණින් සිටින ඇය එම කටයුතු සාර්ථක ලෙස අවසන් කරමින් රංගන කටයුතු ඔස්සේ ඉදිරියට යෑමටත්.

ඉදිරියේදී නර්තන ගුරුවරියක් වශයෙන් කටයුතු  කිරීමේ බලාපොරොත්තුවෙන් ද සිටිනවා . රංගනයට තවමත් නවකයකු වුවත් කෙටි කාලයකින් ප්‍රේක්ෂකයාගේ ආදරය දිනා ගැනීමට සමත් මේ සුන්දර  සරාගී යුවතියගේ ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button