ගොසිප් පුවත්තරු ගොසිප්

දෙවණි ඉණිම ටෙලි කතාවේ ධනුකගේ ආදරණීය, සුන්දර බිරිද වන අරුණි ඉෂානි විජේතුංග

දෙරණ නාලිකාවේ විකාශනය වන “දෙවෙනි ඉනිම” කතා මාලාව තුළ  නවක රංගන ශිල්පීන්ගේ මුහුණ ගණනාවක් දැක ගැනීමේ හැකියාව තිබෙනවා.

මේ කතාව ආරම්භයේ සිට අද දක්වා විවිධ අවස්ථා වලදී අලුත් මුහුණු කිහිපයක් මේ ටෙලි නාට්‍ය හැඩ කරන්නට සම්බන්ධ වනවා. මේ කතා මාලාව ගලා යන අතරතුර ඒ සදහා එකතු වු සුන්දර චරිතයක් ලෙස “අරුණි” ගේ චරිතය පෙන්වා දිය හැක.

ඇය කතා මාලාව තුළ පළමුව ධනුකගේ පෙම්වතිය වශයෙන් කටයුතු කරන අතර පසුප ධනුකගේ බිරිද බවට පත් වන්නේ ඇයයි. ධනුක කියන කඩවසම් චරිතය හේතුවෙන් අරුණිගේ චරිතය කාටත් අමතක නොවන චරිතයක් බවට පත් වුනා.

නිහතමානි සුන්දර කවුරුත් ආදරය කරන මේ අරුණිගේ චරිතයට පණ පොවන්නේ යොවුන් රංගන ශිල්පිනි ඉෂානි විජේතුංග වේ. ඇය එම අරුණිගේ චරිතයට දක්වන සාර්ථක රංගනය නිසාම අද බොහෝ දෙනෙකු ඇයට කතා කරනු ලබන්නේ ඇයගේ සැබැ නමින් නොව අරුණි යන නමිනි.

මේ සුන්දර යුවතිය පිළිබද මුලින්ම රටම හැදින ගන්නේ 2017 වසරේ  දෙරණ අවුරුදු කුමරිය තරගාවලියෙන් පළමු තැන ලබා ගන්නේ එම කතා මාලාවේම චුටි මැණිකේගේ චරිතයට පන පොවන ශලිනි විසින් වන අතර දෙවන ස්ථානය දිනා සුන්දර යුවතිය වන ඉෂානි විජේතුංග ය.

ඇය බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කිරිමේ අරමුණින් උසස් අධ්‍යාපන කටයුතු සිදු කලද අද වන වටි ඇය රංගන ක්ෂේත්‍ර‍ සදහා යොමු වී ඇත.

දෙවනි ඉනිම කතා මාලාව නිසා රංගනයට පිවිසි මේ සුන්දර චරිතය අද ප්‍රේක්ෂයන්ගේ ආදරය දිනා ගත් නිහතමානි සුන්දර යුවතියක් වනවා.  ඔබ දන්නා අරුණිගේ ලස්සන ඡායාරූප කිහිපයක් තමයි මේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button