
2018 වසරේ “මිස් ශ්‍රී ලංකා යුනිවර්ස්” තරගයට සහභාගි ව මිනි ටයිට්ල් එකක් සඳහා සුදුසුකම් ලබමින් ඉන්පසු අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කල “මිස් ශ්‍රී ලංකා වර්ල්ඩ්”හී දස දෙනා අතරට තේරී පත් වීමේ වරම් දිනා ගන්නා ඇය
වර්තමානයේ රංගන ක්ෂේත්‍රය තුළ නිතර දක්නට ලැබෙන ප්‍රේක්ෂක ආදරය නොඅඩුව දිනා සිටින රංගන ශිල්පිනියක, නිරූපණ ශිල්පිනියක මෙන්ම හෙදියක ද වන අතර ඇය තමයි අති රංගන ශිල්පිනී නිලුන්දි කියල කියන්නෙ.
“සිරස කුමරිය” තරගාවලියේ තෙවන වටය දක්වා පැමිණීමට සුදුසුකම් ලබා ගනිමින් ඒ හරහා රංගනයට පා තැබීමේ වාසනාව උදාකර ගන්නා ඇය මේ වනවිට රංගන ක්ෂේත්‍රය තුළ ඉතා සාර්ථක ,දිගු ගමනක් පැමිණ තිබෙනවා කිව්වොත් නිවැරදි.
රංගනයට අමතරව මේ වන විට වෘත්තීමය සෞඛ්‍ය ක්ෂේත්රයේ හෙදියක ලෙස සේවය කරන නිලුන්දි කියා සිටින්නේ ඇය වඩාත් ප්‍රිය රංගන ක්ශේත්‍රයට බැවින් තම වෘත්තිය නිසා රංගන කටයුතු අතපසු කර නොගෙන සියල්ල සමබරව කරගෙන යන බවයි.
මේ දිනවල බොහෝ දෙනා ඉතා ආසාවෙන් අරඹන ටෙලි නිර්මාණයන් වන කෝපි කඩේ,මල් පිපෙන කාලේ, අකවුන්ටර්… වැනි නිර්මාණයන් රැසකටම තම රංගන දායකත්වය ලබාදී තිබෙන ඇය
ටෙලි නිර්මාණයන්ට අමතරව ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් හරහා ද නිතර දක්නට ලැබෙන රංගන ශිල්පිනියක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම මේ දිනවල ඇය එරන්ද පලිහක්කාරගේ නව නිෂ්පාදනයකටද සම්බන්ධ වී වැඩ කටයුතු සිදු කරගෙන යන බවයි දැනගන්නට ලැබුනේ.
කුඩා කල සිට රංගනයට ප්‍රියතාවයක් දැක්වූවත් කලා කටයුතු කිසිවකටත් සම්බන්ධ වී නොතිබුණු ඇය තවමත් ප්‍රවීණයන්ගෙන් හා අනෙකුත් මාධ්‍යයන් ඔස්සේ රංගනය පිළිබඳ දැනුම එක් රැස් කර ගෙන යන බවයි කියා සිටින්නේ.
ඉතින් බොහෝ දෙනකුගේ ආදරය, ආකර්ෂණය දිනා සිටින මේ සුරූපී රංගන ශිල්පිනියගේ ඉදිරි ගමනට අපි ඇයට සුභ පැතුම් එක් කර සිටිනවා.








