අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

රංගනය කියන දේට මට අවස්ථාව ලැබෙන්නේ මගේ රූපය නිසා ස්වප්නා පාදුක්ක

2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගය සඳහා ඉදිරිපත් ව රංගන වරම් හිමිකර ගනිමින් මේ වන විට බොහෝ දෙනාගේ ආදරය, ආකර්ෂණය දිනා ගනිමින් රංගන දිවියේ අති සාර්ථක ගමනක් පැමිණ තිබෙන දක්ෂ ,ජනප්රිය ,සුරූපී, නවක රංගන ශිල්පිනියක් තමයි ස්වප්නා පාදුක්ක කියලා කියන්නේ.

ඉතින් මේ කලා අඹරට පායපු හැඩකාර තාරකාවිය කියා සිටින්නේ රංගනය කියන්නේ ඇයගේ කුඩා කල සිට තිබූ සිහිනයක්, ආශාවක් බවයි.

සිනමාපට,ටෙලි නාට්යය නරඹන විට කෙදිනක හෝ මෙලෙස රංගනයෙන් ගමනක් යෑමට අධිෂ්ඨාන කරගෙන ඇති ඇය තම උනන්දුව, උත්සාහය නිසාම තම සිහිනය කරා ළඟා වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි.

රංගනයට පා තැබීමට පෙර නවක රංගන ශිල්පීන් ,ශිල්පිනියන් බදවා ගැනීම සඳහා පවත්වනු ලබන තිර පරීක්ෂණ සඳහා සහභාගී වී තිබුණ ද එයින් අවස්ථාවක් නො ලබන ඇය හට මිතුරකු විසින් පපරේ කොත්තු වෙළද දැන්වීමට සහභාගි වීමට ආරාධනා කර ඇති අතර,

ඉන් පසුව අවුරුදු කුමරිය තරගාවලියට සහභාගි ව අවසන් 15 දෙනා අතරට තේරී පත්වීමේ වාසනාවද උදා කර ගනිමින් රංගන සිහිනය සැබෑ කරගැනීමට ඇය සමත් වනු ලබනවා.

තම සුරූපී ,පියකරු රුව නිසා රංගන වරම් මෙන්ම ප්රේක්ෂක ආදරය, ආකර්ෂණය ද නො අඩුව හිමි කරගන්නා ස්වප්නාව බොහෝ දෙනා හඳුනාගන්නේ “මානවී” යන නමින් කිව්වොත් නිවැරදියි.

කෙසේ නමුත් ඇය නම් කියා සිටින්නේ “මානවී” නම් නපුරු චරිතය නිසා ඇයට ප්රේක්ෂකයින්ගෙන් වැඩිපුර බැනුම් ඇසීමට සිදු වූ බවයි.

මේ වන විට විවෘත විශ්ව විද්යාලයේ නිරූපණය පිළිබඳව හදාරන ඇය කියා සිටින්නේ රංගනයට අමතරව තමන්ගේම කියා ව්යාපාරයක් ආරම්භ කිරීමට ඇය කැමැත්තෙන් සිටින බවත්, ප්රවීනයන් හා රංගනයේ නිරත වීමට ප්රිය කරන බැවින් කිසිදා රංගනයෙන් ඉවත් නොවන බවයි.

තවමත් යොවුන් වියේ පසුවන තනිකඩ දිවියක් ගත කරන මේ සුරූපිනිය ආදරේ ගැන කියා තිබුණේ ආදරය යනු විශ්වාසය, ගෞරවය, හඳුනා ගැනීම මත රඳා පවතින දෙයක් බැවින්,

ඇය කෙදිනක හෝ විවාහ වන්නේ එලෙස ඇයට පණ මෙන් ආදරය කරන පුද්ගලයකු සමග බවයි. ඉතින් මේ අති දක්ෂ ,නවක රංගන ශිල්පිනී සප්නාගේ ඉදිරි අනාගතයට අපි ඇයට සුබ පැතුම් එක් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button