අහුලගත්ත ගොසිප්ගොසිප් පුවත්

මම වතුරට මාර බයයි. වතුරට බැස්ස ගමන් හිතෙන්නේ මට මාළු කොටයි කියලා

රසික රසිකාවියන්ගේ සිත් දිනාගැනීමට සමත් පුංචි තිරය හැඩ කරන තවත් එක් සුන්දර දක්ෂ තරුණ  රංගන ශිල්පිනියක් වශයෙන්  අනුරාධා එදිරිසිංහ පෙන්වා දෙන්නට පුළුවන්.

අහඹු සිදුවීමක් ඔස්සේ රංගනයට පිවිසෙන ඇය උතුම් පැතුම් ටෙලි නාට්‍යය ඔස්සේ තම රංගන ජීවිතය ආරම්භ කරනු ලබනවා.

දෙරණ නාලිකාවේ විකාශය ඉතාමත් සුවිශේෂී ටෙලි නාට්‍යයක් වන රාවණ ටෙලි නාට්‍යය තුළ ඇයට ලැබුණු චරිතය නිසා ඉතාමත් ඔහු වටිනාකමක් තමන්ට හිමි වූ බව ඇය කියා සිටීයේ ඉතාමත් සතුටිනි.

තමන්ගේ තාත්තා අද ජීව තුන් අතර නොසිටීයත් තාත්තා ඉතාමත් ආසාවෙන් නැරඹූ ටෙලිනාට්‍යයක් වන උතුම් පැතුම් ටෙලි නාට්‍යය තුළ ඇයට එම රංගන අවස්ථාව හිමි වීම සම්බන්ධයෙන් සහ තමන් රඟපානවාට අකමැත්තෙන් සිටි තමන්ගේ පියා

ආසාවෙන් නැරඹූ එම ටෙලි නාට්‍යයේ ම රංගන අවස්ථාවක් හිමි වීම සම්බන්ධයෙන් තමන්ගේ තාත්තා ඉතාමත් සතුටු වූ බව ඒ පවසා සිටියා.

නමුත් ඇය රංගනයෙන් දායක වූ කිසිදු කොටසක් නරඹන්නට තරම් පියාට වාසනාව නොලැබුණු බව සඳහන් කර සිටීයේ ඉතාමත් සංවේදී වෙමිනි.

උපුටා ගැනීම –

තාත්තා අපිව දා ලා ගිහින් කියලා හිතෙනකොට අදටත් මට පුදුමයි. උතුම් පැතුම් පෙන්වලා ඉවරයි. ඒත් තාත්තා මම රඟපානවා බලන්න ආවේ නැහැ. එදා ඉඳන් මටත් නොදැනීම රංගනය මගේ ජීවිතයේ කොටසක් වුණා.”

මගේ අනවශ්‍ය බලාපොරොත්තු නැහැ. ගොඩක් අය කැමරාව නැති තැන රඟපානකොට මම උත්සාහ කරන්නේ කැමරාව ළඟ රඟාපාලා ඉතුරු ටික සතුටින් සැහැල්ලුවෙන් ඉන්න. “

උපුටා ගැනීම අවසන්

පොලිස් නිලධාරියෙකු ගේ දියණිය වන ඇයගෙන්තමන් වැඩියෙන්ම බිය කුමකටද යන්න මාධ්‍ය සාකච්ඡාව හා සම්බන්ධ වෙමින් කියා සිටියේ.

උපුටා ගැනීම –

ඒක නම් කියන්නත් ලැජ්ජයි. මම වතුරට මාර බයයි. වතුරට බැස්ස ගමන් හිතෙන්නේ මට මාළු කොටයි කියලා. මාළු කොටලා මාව මැරි ලා යයි කියලා. ඒ වගේම ගෙම්බෙක්ව දැක්කත් මගේ ප ණ යනවා. ගෙම්බෙක් මගේ ළඟට පැන්නත් මම මැ රෙයි කියලා මට හිතෙනවා. ඒ තරමට මම ඒ දේවල් දෙකටම බයයි.”

උපුටා ගැනීම අවසන්

කෙසේ නමුත් රංගනයට තවමත් අලුත් ඇයගේ දක්ෂතාවට නිසාම රංගන ක්ෂේත්‍රය තුළ දිතු ගමනක් යාමට ඇයට හැකි වන අතර ඒ සදහා ඇයට සුභ පැතුම් එක් කරමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button