
හසන්ත දිසානායකයන්ගේ අධ්‍යක්ෂණයක් වන “මටන්” චිත්‍රපටය, පෘතුගාලයේ පැවැති සම්මාන උළෙලේ දී, සම්මාන රැසකටම පාත්‍ර වනවා.
ඉතින් එහිදී හොඳම නිලිය සඳහා වන සම්මානය හිමිකරගන්නට සමත් වන්නේ, “මටන්” හි ප්‍රධන නිලියගේ භූමිකාව රඟ දැක්වූ, නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනිය යි.
නදීශා පේලිආරච්චි රංගන ශිල්පිනියගේ ආදරණීය සැමියා තමයි, “ගයාන් දේශප්‍රිය” කියලා කියන්නේ. ඔහුත් කලාවට සම්බන්ධතාවයක් දක්වන අතර, ඔහු නදීශා ගේ කලා කටයුතුවලට බොහෝ සෙයින් අතහිත දෙනවාලු.
2001 වසරේ දී නදීශා පේලිආරච්චි ඇගේ පාසල හරහා රංගනයට දස්කම් දක්වන චරිතයක් බවට පත්වනවා. පසුව කොස්ගම සංස්කෘතික මධ්‍යස්ථානය, ඇය තෝරාගන්නේ නාට්‍යය හා රංග කලාව හදාරන්නයි.
ඊටත් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ නාට්‍යය හා රංග කලාව ගැන ඩිප්ලෝවක් හදාරනවා. ඉතින් ඊට පස්සේ රංගනයෙන් ලද දැනුමත් එක්ක වේදිකාවට පිවිසෙන ඇය, පසුව ටෙලි නාට්‍යයන්හි රංගනය වෙනුවෙන් දායක වනවා.
ඉතින් නදීශා පේලිආරච්චි කියනවා, “ටෙලි නාට්‍ය රංගනයේ යෙදුණත්, වේදිකාවට සමුදෙන්න නම් කොහොත්ම අදහසක් නෑ” කියලා. මේ දවස්වල දෙරණ ටීවී මඟින් විකාශනය වන කොයි කවුරුත් හරිම ආසාවෙන් නරඹන ටෙලි නාට්‍යයක්නේ, “ධරණි” කියලා කියන්නේ.
අන්න ඒකේ “මධූෂා” චරිතයට පන පොවන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඒ නදීශා පේලිආරච්චි යි. ඉතින් “ගොඩක් ප්‍රේක්ෂකයින් “මධූෂා” චරිතයට හරි අකමැතියි.
බැනුම් තමයි ප්‍රතිචාර විදියට ලැබෙන්නේ. ඒත් ලැබෙන ප්‍රතිචාර හරිම ආදරයෙන් භාරගන්නවා” කියලත්, නදීශා පේලිආරච්චි හරිම ආදරණීයව තමයි කියන්නේ.

“අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ මනෝ උපදේශිකාවක්” විදියට කටයුතු කරන නදීශා පේලිආරච්චි කියනවා, “ඇය වැඩකරන ක්ෂේත්‍රයේ ප්‍රයෝජනයක් අරන් මිනිසුන්ට සේවා කරන්නට ලැබීම ඇය ලද මහඟු භාග්‍යයක්” කියලා.
හෝමාගම කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, “මත්ද්‍රව්‍ය මනෝ උපදේශනය” තමයි ඇගේ කාර්යභාර්ය වෙන්නේ. ඉතින් “විවේකයක් ලැබෙන හැම වෙලාවකම කලාවත් එක්ක වැඩ කරනවා.
හොඳ ගුණාත්මක නිර්මාණයන් වලට විතරක් රංගනයෙන් දායක වෙන්න තමයි බලාපොරොත්තුව” කියලා, නදීශා පේලිආරච්චි කියනවා.
“කාලෙකින් කණ්ඩායමක් විදියට වැඩ කරන්නට ලැබුණු හොඳ චිත්‍රපටයක් තමයි මටන් කියලා කියන්නේ කියලත්, ඒකට ගොඩාක් ප්‍රතිචාර ලැබුණා.
අන්තර්ජාතික වශයෙන් සම්මාන ලැබෙන පළමු අවස්ථාව තමයි මේ” කියලත්, නදීශා පේලිආරච්චි ආදරණීය රංගන ශිල්පිනිය කියන්නට අමතක කර නම් නෑ.








