
“අංජලිකා, ආසයි මං පියාඹන්න, සුවඳ දැනුණා ජීවිතේ” ආදී හරි අපූරු ලස්සන සිංහල චිත්රපට වලින් අතිශය ජනප්රියත්වයට පත්වුණු සුරූපී ආදරණීය රංගන ශිල්පිනියක තමයි ඇය.
ඉතින් ඇය වෙන කවුරුත් නෙවෙයි, මුළු රටක් ආදරය කරන ඉන්දු ශ්රි ලාංකික සම්භවයක් තියන, සිංහල දෙමළ තෙළිඟු මලයාලම් සිනමාව තුළ දක්ෂ රංගන ශිල්පිනියකි.
ඉතින් කවුද මේ. ඒ තමයි, ඉතාමත් කෙටි කාලයකින් ප්රේක්ෂක හඳවත් දිනාගත් ජනප්රිය රංගන ශිල්පිනී, “පූජා ගෞතමී උමාශංකර්” කියලා කියන්නේ.
පූජා කියලා කියන්නේ, වයසට ගියත් වයස නොපෙනෙන සුන්දර සුරූපී රංගන ශිල්පිනියක වනවා. තවමත් තාරුණ්යය පෙනුමකට උරුමකම් කියන පූජා මේ වෙද්දී විවාහක වන අතර, පූජාගේ ආදරණීය ස්වාමි පුරුෂයා නම් කලාවට නෑකම් නොකියන අතර, ඔහු දක්ෂ ව්යාපාරිකයෙකු වනවා.
“බාලාගේ නාන් කඩවුල්” චිත්රපටයෙන් තමයි පූජාට ඉස්සෙල්ලාම සිනමාවට පිවිසෙන්නට වරම් ලබන්නේ. එහිදී පූජා, “දෑස් අන්ධ සිඟන්නියක”ගේ චරිතයක් තමයි රඟ දක්වලා තියෙන්නේ.
ඉතින් ඊට පස්සේ ඉන්දීය සිනමා ක්ෂේත්රයේ චිත්රපට රැසකටම වගේ පූජාට රංගන වරම් ලැබෙනවා. ඔන්න ඉතින් ඊට පස්සේ පූජා අපේ රටේ සිනමාවට ද එක් වනවා.

එතනින් නොනැවතුනු ඇයට අපේ රටේ අපූරු සිනමා නිර්මාණයන් හි ප්රධාන නිලියගේ චරිතය හි රඟපාන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් පූජා කියනවා, “ඇය ලංකාවට ගොඩාක් ආදරෙයි, හැම කෙනෙක්ම වාගේ ඇයත් එක්ක හරිම සුහදශීලීයි.
මිනිස්සුත් හරි අහිංසකයි. ඉතින් මේ හේතූත් එක්ක ලංකාවට ගොඩාක් ආදරෙයි. ඒ ආදරේ කවමදාවකවත් නැති වෙන්නේ නෑ. අනිත් දේ තමයි ලංකාවේ ෆිල්ම් එකක් කරත්, ඒ ෆිල්ම් එකට සම්බන්ධ වෙන මුළු ගෘප් එකම හරිම එකමුතුයි.
සහයෝගයෙන් වැඩ කරනවා. එකිනෙකා එකිනෙකා ගැන හොයලා බලනවා. ඉතින් ලංකාවට අදත් හෙටත් හැමදාමත් ආසයි. ආදරෙයි” කියලා.
ඔන්න ඉතින් පූජා වතුරට හරිම බයයිලු. ඉතින් පූජා කියනවා, “චිත්‍රපටිවල වතුරට පනින සීන් එහෙම තියනවානේ. ඉතින් ඒ අවස්ථාවල රූගත කිරීම්වල යෙදෙන්නේ හරිම බයෙන් තමයි.
එතන ගිලෙයි කියලා බය හිතෙනවා කියලත්, ඒත් ඉතින් පූල් වලට නම් බය නෑ. හැබැයි ගඟට වැවට නම් ගොඩාක් බයයි” කියලත් ය.








