අහුලගත්ත ගොසිප්උණුසුම් පුවත්ගොසිප් පුවත්

“මුහුදු ගියපු එක තමයි මගේ පලවෙනි රස්සාව” සුමිත් ඉලංගෝ

ස්වාධීන රූපවාහිනිය මඟින් විකාශනය වන මේ දවස්වල හැමෝම වාගේ ආසාවෙන් නරඹන අපූරු ටෙලි කථා මාලාවක් තමයි, “International 2” කියලා කියන්නේ.

අන්න ඒකේ හරි අපූරුවට “ජෙගා”ගේ චරිතයෙන් පන පොවන ඔහු තමයි, ජනප්රිය නවක රංගන ශිල්පී “සුමිත් ඉලංගෝ” කියල කියන්නේ.

අනේකවිද දුක්ගැහැට විදපු සුමිත් ඉලංගෝ, ඔහු කුඩා කාලේදී ඔහුගේ පියාගේ අසනීප තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන් වලට කුඩා කල පටන්ම ඔහුට මුහුණ දෙන්නට වෙනවා.

ඉතින් පාසලේ 8 පංතියේ ඉදලාම කෑමට එදා වේල කොහොමද පිරිමහගන්නේ කියලා ඔළුවේ තියාගත්තු සුමිත් ඉලංගෝ, මුහුද ඔහුගේ ජීවිතය බවට පත් කරගන්නවා.

ඒ කියන්නේ, සුමිත් ඉලංගෝගේ පළවෙනිම රස්සාව තමයි, “මුහුදු යාම”. ඉතින් සුමිත් ඉලංගෝ කියනවා, “අදටත් මුහුදු යනවා. මුහුද තමයි මේ වෙනකම් ජීවත් කෙරෙව්වුවේ.

ඒ හින්දා මුහුදට බය නෑ” කියලා. ඉතින් අද වෙද්දි සුමිත් ඉලංගෝ කොයි තරම් ප්රසිද්ධ රංගන ශිල්පියෙකු බවට පත්වී සිටියද, ඔහු තමන්ට අතහිත දුන් මහ මුහුදේ සුන්දර අතීත කථාවන් ගැන කියන්නට අමතක කර නෑ වගේම අදටත් මුහුදු යන්නටත් අමතක කර නෑ.

සුමිත් ඉලංගෝ හරිම සරලව තමයි ජීවිතය ගත කරන්නේ. ඔහු සරලකමට ආදරේ කරන චරිතයක් වන අතර, කල්පිටිය සරසවි පුරය කියන ගම්මානයේ තමයි සුමිත් ඉංගගෝ දැනට ජීවත් වෙන්නේ.

ඉතින් රූගත කිරීම් එහෙම තියෙද්දී ඒ ගම්මානයේ ඉදල තමයි සුමිත් එන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් සුමිත් ඉලංගෝ කිවුවම දන්නේ නෑ නේ.

එය කෙසේ වුණත් වේදිකා නාට්යයන් තුළින් සම්මානයට පාත්රවුණු, සුමිත් ඉලංගෝ ආදරණීය රංගන ශිල්පියා, දැනට අවුරුදු 14කට කලින් තමයි කලා ලෝකයට එන්නට වරම් ලබන්නේ.

ඉතින් සුමිත් ඉලංගෝ කියන්නේ, විවිධ අභියෝගයන් වලට මුහුණ දෙමින් දුෂ්කරව ජීවිතේට මුහුණ දෙමින් කලා කෂේත්රයට ආපු චරිතයක් වනවා.

“ක්ෂේත්රයේ කිසි කෙනෙකුගේ දැන හැඳිනගැනීමකින් තොරව කලාවට එන ඕනෑම තරුණයෙකුට විවිධ අභියෝගයන්ට මුහුණ දෙන්නට වෙනවා.

ඉතින් ඒ වාගේ කට්ටක් කාපු එකට හරි ආසයි. ඒ හින්දා කලාව ගැනත් මිනිසුන් ගැනත් බොහෝ දේ ඉගෙන ගන්නට හැකි වුණා කියලත්,

ඉදිරියේ දී වටිනා නිර්මාණයන් තුළින් ප්රේක්ෂකයින් අතරට එන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා” කියලා, සුමිත් ඉලංගෝ ආදරණීය කලාකරුවා කියනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button