ඔයා මාත් එක්ක ඉඳියේ නෑනේ අනුජ් රණසිංහට පියුමි කියපු කතාවේ ඇත්ත මෙන්න

නිරූපණ ශිල්පියෙක් විදියට කලාවට සම්බන්ධ වුණු ඔහු අද වෙද්දී දක්ෂ ජනප්‍රිය වාගේම හැමෝම දන්න කියන රංගන ශිල්පියෙකු බවට පත් වී හමාරය.
පාසල් යන කාලේ ඔහු තුළ තිබ්බ ලොකුම සිහිනයක් තමයි ගුවන් නියමුවෙක් වෙන එක. ඉතින් ඔහු උසස් පෙළ සඳහා ගණිත විෂය ධාරාව තෝරා ගන්නවා.
නමුත් ගුවන් නියමුවෙකු වන්නට තරම් ලකුණු ප්‍රමාණයක් උසස් පෙළ විභාගයේ දී ඔහුට ගන්නට බැරි වුණා. ඉතින් ඔහු “සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්” තෝරාගන්නවා.
ඉතින් ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හොඳට සිදු කරලා ඒ අංශයෙන් උපාධිය ලබාගන්නවා. කෙසේ වෙතත් ඔහුගේ හිතේ පුංචි කාලේ ඉදන් තිබ්බ හීනයක් තමයි රංගන ශිල්පියෙකු වෙන එක.
“කමල් අද්දර ආරච්චි, රංජන් රාමනායක” වැනි ඔහු ආදරය කරන රංගන ශිල්පීන්ගේ පිංතූර පවා, ඒ කාලේ ඔහුගේ කාමරයේ බිත්තියේ ගහගන්නට ඔහු අමතක කරලා නෑ.
ඉතින් ඒ තිබ්බ හීනයත් එක්ක ඔහු රංගන ශිල්පියෙක් බවට පත්වෙනවා. ඉතින් මේ තමයි, කොයි කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පියා, “අනුජ් රණසිංහ” කියලා කියන්නේ.
අනුජ්ට මිස්ටර් ශ්‍රී ලංකා වෙනුවෙන් අවස්ථාවක් ලැබෙන අතර, එහිදි ජයග්‍රහණය කරන අනුජ් ස්පාඥ්ඥයේ මිස්ටර් ඉන්ටර්නැෂනල් තරඟයටත් සහභාගිවෙලා එතනින් රටවල් 73කින් අනුජ් “ෆ්‍රස්ට් රනර් අප්” ලබා ගැනීමට තරම් වාසනාවන්ත වෙනවා.
පිලිපීනයේ දී 2019 වසරේ දී අනුජ් “කොන්ටිනෙන්ටල්” තරඟයටත් ඉදිරිපත් වෙලා එහිදී, “බෙස්ට් ටැලන්ට්, බෙස්ට් නැෂනල් කොස්ටියුම්, සකන්ඩ් රනර් අප්” කියන ස්ථානයන් පවා ජයග්‍රහණය කරනවා.
ඉතින් මේ හැමදේමත් එක්ක අනුජ්ට අපේ රටේ කලා ක්ෂේත්‍රට පිවිසෙන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් “වස්සානයේ සද” කියන්නේ අනුජ් සහ පියුමි හංසමලි රංගනයෙන් දායක වුණු අපූරු චිත්‍රපටයක් වනවා.
ඉතින් මේ දෙන්නා පෙම්වතා හා පෙම්වතියගේ අපූරු භූමිකාව තමයි මෙහිදී හරි අපූරුවට රඟ දක්වන්නේ. ඉතින් ඊට කලින් ඉදන් මිතුරන් විදියට දැන හඳුනාගෙන ඉන්න අනුජ් සහ පියුමි දෙදෙනා අතර, අද වෙද්දී ඉතාමත් සුහඳශීලි මිත්‍රත්වයක් තමයි පවතින්නේ.
ඉතින් පියුමි කියනවා, “අනුජ් විසින් අධ්‍යක්ෂණය කරන්නට තිබෙන ෆිල්ම් එකක ප්‍රධාන නිලිය විදියට පියුමිව තමයි ගන්නේ කියලා ඇයට අනුජ් කියලා තියනවා” කියලා.
කෙහොම නමුත් අනුජ් නම් කියන්නේ, “ඒක විහිලුවක් පමණයි” කියලා. ඔන්න ඉතින් අනුජ් කියනවා පියුමි ගැන හරි අපූරු කථාවක්, “ඒ තමයි පියුමි නිදාගන්නකොට ගොරවනවානේ” කියලා.
ඉතින් පියුමි ඒකට ප්‍රති උත්තරයක් විදියට හරි අපූරුවට කියලා තියනවා, “ඔයා ඒ කියන්නේ අනුජ් ඇයත් එක්ක නිදාගත්තේ නෑනේ” කියලා. ඉතින් පටිගත කිරීමක් අතරේ වුණු දෙයක් තමයි අනුජ් ඒ විදියට සඳහන් කරලා තිබ්බේ පියුමි ගැන.








