ගායන ශිල්පි නලීන් පෙරේරා විවාහ සංවත්සරය වෙනුවෙන් බිරිදට ලැබු ආදරණීය සුන්දර සටහන

අපේ රටේ රසික රසිකාවියන්ගේ සිත් වල සොඳුරු මතකයන් ගණනාවක් ඉතිරි කරන ලද ඔය භේදයකින් තොරව බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සුන්දර ගායන ශිල්පියෙකු වශයෙන් ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා පෙන්වා දෙන්නට පුළුවන්.
මෙරට සංගීත ක්ෂේත්රය තුළ නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉදි කරන ලද සොඳුරු ගායකයෙකු වන මොහුට අදටත් එදා මෙන්ම රසික රසිකාවියන් විශාල පිරිසකුත් ආදරය ඒ අයුරින්ම හිමිවනවා.
වෙනස්ම ආකාරයේ ලයාන්විත සොඳුරු කටහඬකට හිමිකම් කියන මොහුගේ ගායනා වලට කැමති විශාල රසික පිරිසක් අදටත් ඔහු වටා සිටිනවා.
මෙරට සංගීත ක්ෂේත්රය තුළ බොහෝ ආකර්ෂණය දිනාගත් සංගීත කණ්ඩායමක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා වශයෙන් ද කටයුතු කරනු ලැබුවේ නලින් පෙරේරා මහතාය.
අපි මේ කියන්නට යන්නේ මෙරට සංගීත වේදිකාව තුළ නොමැකෙන මතක සටහන් ගණනාවක් ඉතිරි කරන ලද මේ සුන්දර ගායකයා එනම් නලින් පෙරේරා මහතා පසුගිය දිනක තමන්ගේ විවාහ සංවත්සරය යෙදි තිබුණු අතර ඒ වෙනුවෙන් ඔහු සුවිශේෂී ආදරණීය සටහනක් තම ෆේස්බුක් ගිණුමේ සටහන් කරන්නට ඔහුඅ අමතක කලේ නෑ.
එම සුන්දර ආදරණීය සටහන පහතින් ඔබට බලා ගන්නට පුළුවන්. ඒ වාගේම ඔවුන් දෙපළට සුභ විවාහ සංවත්සරයක් කියලා අපි සුභ පැතුම් එක් කරමු.

උපුටා ගැනීම
“විසිහත් වසරකට පෙර අද වාගේම සුන්දර දවසක
මා අතින් අල්ලාගෙන මේ තරම් දුර එන්න ආ ගමන
හරිම ආදරණීයයි..
ජිවිතයේ, දෙවියන් මට දුන් සොඳුරුතම තිලිණය ඔබයි ..
අපි අත්වැල් බැඳන් තව දුර මේ වගේම සතුටින් යමු…
ඒ ආදරය හරිම පූජනීයයි..
I will always love you with all my Heart Happy Anniversary ”
උපුටා ගැනීම අවසන්








