උණුසුම් පුවත්ගොසිප් පුවත්තරු ගොසිප්දේශිය පුවත්

චරිත රැසකින් ආදරය දිනාගත් කටකාර පහන්දී කියූ ආදරණිය කතාව

ඔන්න ඉතින් මේ දවස්වල ටෙලි තිරයේ හැමෝගේම ආදරය අකර්ණය දිනාගත් ආදරණීය සුන්දර අපූරු දඟකාර පුංචි රංගන ශිලිපිනියක තමයි, පහන්දි නෙතාරා කියලා කියන්නේ.

මේ දවස්වල “කියාදෙන්න ආදරේ තරම්” වගේම “අඳුන්ගිර” ටෙලි සිත්තමේත්, “මිනායා සහ තාරා” කියන හරි අපූරු චරිතයන් හරහා, හරි අපූරුවට රංගනයේ යෙදෙන්නේ ද වෙන කවුරුත් නෙවෙයි, ඒ පුංචි පහන්දි යි.

ඔන්න ඉතින් මේ වෙද්දී පුංචි පහන්දිට වයස කීයද දන්නවා ද?.

දැනට පහන්දිට අවුරුදු 8ක් වනවා. ඉතින් තවමත් 3වන ශ්රේණියේ ඉගෙනුම ලබන පහන්දිගේ පාසල තමයි, රත්නපුර ජේ.එම්.සී ජාත්යන්තර පාසල. මේ පුංචි පහන්දිට ආදරණීය වැඩිමහල් සහෝදරයෙකුත් ඉන්නවා.

ඉතින් පහන්දිගේ ආදරණීය පියා ව්යාපරිකයෙකු වන අතර, ඔහු නමින් “රසික චතුරංග” වනවා. ආදරණීය මව නම් “තමාලි රනෝජා” යි. තවමත් 8 ශ්රේණියේ ඉගෙනුම ලබන ආදරණීය වැඩිමහල් සහෝදරයා නමින් විහඟ මනෝද්ය වනවා.

ඔන්න ඉතින් පුංචි පහන්දිගේ රංගන ජීවිතේ ඇරඹෙන්නේ මෙන්න මෙහෙමයි. ආදරණීය පවුලේ කිසිම කෙනෙකුන් කලාවට නෑකම් නොකියන පහන්දිට, කුඩා කාලයේ දී එක්තරා වෙඩින් එකක මල් කුමරියට ඉන්නට හරි අපූරු අවස්ථාවක් ලැබෙනවා.

ඔන්න ඉතින් මේ අතරතුරේ දී හරි අපූරු වෙළඳ දැන්වීමක රඟපාන්නට පහන්දිට හරි අපූරු අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ වෙද්දී නම් පහන්දිට වයස අවුරදු 3ක් විතර වෙනවාලු.

ඉතින් මේ වෙද්දී පහන්දි බොහෝ වශයෙන් වෙළඳ දැන්විම් වෙනුවෙන් පුංචි ඇගේ හරි අපූරු රංගන දස්කම් දක්වලා තියනවා. ඔන්න ඉතින් ඔය අවස්ථාවේ දී පුංචි පහන්දිට ටෙලි නාට්යයන් වලත් රංගනය සඳහා එන්නට අවස්ථාව ලැබෙනවා.

ඉතින් පුංචි පහන්දි රඟපාපු පළවෙනිම ටෙලි නාට්යය තමයි, දෙරණ නාලිකාවේ විකාශනය වුණු “රාවාණා” ටෙලි නාට්යය කියන්නේ. ඉතින් ඒකේ හරි අපූරුවට “මන්දෝරි කුමරිය”ගේ චරිතයට පන පෙව්වේ මේ පුංචි පහන්දි යි.

ඉතින් ඊට පස්සේ එතනින් නොනැවතී, “සේලි, සංඝටන, අමාලියා, දම්” වැනි හරි අපූරු ටෙලි සිත්තම් වල චරිතයනට පන පොවන්නට මේ පුංචි පහන්දිට අවස්ථාව ලැබෙනවා.

ඔන්න ඉතින් මේ දවස්වල ආයෙමත් පාසල් කාලය පටන් ගත් නිසා, සුපුරුදු පරිදි පුංචි පහන්දි ආයෙමත් පාසල් ජීවිතේ පටන්ගෙන තියනවා වගේම ඉතින් පහන්දිගේ ලොකුම හීනය තමයි, හොඳින් අධ්යාපනය හදාරලා ගුරුවරියක වන එකලු.

ඒ වගේම ඉදිරියේ දී මේ පුංචි තාරකාවිය, “මානික්කාවත” කියන ටෙලි සිත්තමෙන් ප්රවීන රංගධර ජගත් චමිලයන් එක්ක හරි අපූරුවට රඟපාන “අන්ධ චරිතය”කින් ඔබ හමුවට එන්නටද බලාපොරොතුවෙන් ඉන්වා.

විස්තර ලබාගැනීම නදීශා අතුකෝරළ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button