නිළියන්ට පෙම් කරන්න අකමැති මල් පිපෙන කාලේ බන්ටි කීව කතාව

පාසල් කාලයේ ඉදන්ම නළුවෙක් වෙන්න ලොකුම හීනයක බැඳී හිටිය, නාවලපිටිය ප්‍රදේශයේ උපන්, “මල් පිපෙන කාලේ” ටෙලි නාට්‍යයේ දඟකාර ආදරණීය “බන්ටි” විදියට රඟපාන්නේ කවුද දන්නවාද?
ඒ තමයි සුවහසක් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අපූරු ආදරණීය කලාකරුවා කසුන් තාරක කියන්නේ. ඔන්න ඉතින් මියුසික් වීඩියෝවල, ෆොටෝ ෂූට්වල එහෙමත් මීට කලින් කසුන්ට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවලු.
ඉතින් දැනට අවුරුදු 2ට කලින් ඉදලා තමයි කසුන් මියුසික් වීඩියෝවල නම් නිරූපනයේ යෙදිලා තියෙන්නේ හරි අපූරුවට. ඉතින් කසුන් මුලින්ම එන්නේ සංදේශ් බණ්ඩාරයන්ගේ නිෂ්පාදනයක් රුක්ෂානා දිසානායකගේ නිර්මාණයක මියුසික් වීඩියෝ එකකින්.
ඒ වගේම මුළු ලෝකයක් වසඟ කරගත්තු “මැණිකේ මගේ හිතේ” සෝන්ග් එකේ, “ඔරිජිනල්” මියුසික් වීඩියෝ එකේ ඉන්නෙත් වෙන කවුරුත් නෙවෙයි, ඒ කසුන් තාරක යි.
“හරිම සරල ජීවිතයකට උරුමකම් කියන කසුන් ජීව්වෙන්න ආස ඒ විදියටම තමයි කියලත්, පෙම්වතියක් තෝරගන්නවා නම් ඔහු වාගේ සරල ජීවිතේකට කැමති කෙනෙකු තමයි ඔහු තෝරාගන්නේ කියලත්, නළුවෙක් විදියට තිරයේ දකින කසුන්ව හිතේ මවාගෙන ආදරය කරන කෙනෙකුට නම් කැමති නෑ” කියලත්, කසුන් කියනවා.
හැබෑ ජීවිතයේ ඉන්න කසුන් තාරකව තේරුම් ගන්න පුලුවන් සරල කෙල්ලෙක්ට ලු ඔන්න ඉතින් කසුන් නම් කැමති. ඒ වගේම “නිළයක් නම් කවමදාවත්ම කසුන්ගේ පෙම්වතිය වෙන්නේ නෑ” කියලාත්, කසුන් හරිම විශ්වාසයෙන් තමයි කියන්නේ නම්.

ඔන්න ඉතින් “බන්ටි” ට ගොඩාක්ම ආදරේ කරන්නේ අපේ පොඩිත්තෝ වගේම යෞවනියන් ලු. ඉතින් පාසලේ ඉගෙන ගන්න ගමන් නළුවෙක් වෙන්න කසුන් ට්‍රයි කරාලු ගොඩක්.
කසුන් ඉන්නේ කොළඹින් ගොඩක් දුර හින්දාත්, කසුන්ගේ අම්මයි තාත්තයි කසුන්ට කියලා තියනවාලු නළුවෙක් වෙන එක අත අරින්න කියලා.
“ඉතින් ඒ කොහොම වුණත් කසුන් නොයෙකුත් බාධක මැද්දේ නළුවෙක් වෙන හීනය සැබෑ කර ගත්තා කියලත්, බොහෝ දුෂ්කරතාවයන් මැද්දේ කලා ලෝකයට පිවිසෙන්නට වරම් ලැබුණ කියලත්, ඒ වගේම කසුන්ගේ වැඩිමල් සහෝදරයාටත් තිබ්බ හීනයක්ලු කසුන්ව කලාවට යොමු කරන එක කියලත්,
උදේන්ම කොළඹට යද්දී කසුන්ගේ වැඩිමල් සහෝදරයා තමයිලු කසුන්ව බස් එකට ගෙනිහින් දාන්නේ එහෙම රංගන කටයුතු වලට යද්දී කියලත්,
ඒ වගේම කසුන්ගේ වැඩිමල් සහෝදරයා නිදි වරාගෙන බස් හෝල්ට් එකට වෙලා කසුන් එනකම් ඉන්නවාලු රෑට එහෙම” කියලත්, කසුන් තාරක රංගන ශිල්පිනියා හරි නිහතමානීව ආදරණීයව තමයි කියන්නේ.








