ගල් තලාවක් උඩ ඉදන් ආක්ෂා 23 වන උපන්දිනය වෙනුවෙන් කරපු අපුරු ෆොටෝ ෂූට් එක

දෙරණ නාලිකාවේ විකාශය වන මෙරට ප්‍රේක්ෂක ඉන් වැඩි පිරිසක් නරඹන සොඳුරු ටෙලි නාට්‍යයක් වන දෙවැනි ඉනිම කතාමාලාව හැඩ කරන සුන්දර චරිතයක් ලෙස අද වන විට ආක්ෂා ගේ චරිතය පෙන්වා දෙන්නට පුළුවන්.
මේ චරිතය නිරූපණය ලබන නවක රංගන ශිල්පිනියක් වන නෙත්මි රොෂෙල් අද වන විට මේ රටේ සියලුම ජනතාව හඳුන්වන සුන්දර ආදරණීය චරිතයක් වෙනවා.
නෙත්මි රොෂෙල් පිළිබඳ බොහෝ දෙනා දැන ගනු ලබන්නේ ඇය රූපවාහිනී නාලිකාවේ අවුරුදු කුමරිය වශයෙන් කිරුළු පැළඳීම නිසයි.
මෙම ජනප්‍රියත්වයත් සමඟම කලාවට පිවිසෙන ඇය අද වන විට රංගන ශිල්පිනියක් වශයෙන් ඉතාමත් කෙටි කාලයක් තුළ ඇයගේ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළින් ප්‍රේක්ෂකයා තුළ ඇති කරවීමට සමත් සුන්දර යුවතියක් වනවා.

සුන්දර සිනහවක් සුන්දර රූ සපුවක් හිමි නිතරම සමාජ මාධ්‍ය තුළ නිතර කතාබහට ලක්වන චරිතයක් බවට පත්වී තිබෙනවා. එයටම ආවේණික වූ එම සුන්දරත්වය නිසා විවිධ විලාසිතා ඔස්සේ ඇයව දැක ගැනීමට හැකි වන අතර ඇයි එකේම සොඳුරු ඡායාරූප නිතරම සමාජ මාධ්‍ය තුළ දැක ගැනීමට හැකි වනවා.
පසුගිය දිනක තම 23 වැනි උපන් දිනය සැමරු ඔබ කව්රුත් දන්නා ආක්ෂා ඇයගේ එම උපන්දිනය වෙනුවෙන් වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් ගන්නට කටයුතු කර තිබුණා.
රතු ගවුමකින් සැරසී සිටි මේ සුන්දරිය ඇයගේ එම ඡායාරූප පෙළ ලබා ගැනීම සඳහා ගොස් සිටියේ විශාල ගල් තලාවකට ය. විශාල කළුගල් වලින් යුක්ත ගල්තලාවක ඇයගේ එම සොඳුරු ඡායාරූප පෙර ලබාගෙන තිබූ අතර ඒ ඇය ලබාගත් වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් ලෙස දකින්නට ලැබුණා . එම ඡායාරූප වලින් කිහිපයක් තමයි ඔබට මේ ගැන එන්නේ









