43 වැනි වියට පා තැබු සොදුරු ගායක ඉඳුනිල් අන්ද්‍රමාන්න තමන්ගේ ෆෙස්බුක් පිටුවේ තැබු අපුරු සටහන

සංගීත වේදිකාව තුළ සුපිරි චරිතයක් බවට පත් වූ හදවතට දැනෙන ලෙස සුන්දර ගායනයන් ඉදිරිපත් කරන මෙරට සංගීත වේදිකාව තුළ අමතක නොවන චරිතයක් ලෙස ඉඳුනිල් අන්ද්‍රමාන්න ගායකයා හදුන්නට පුළුවන්.
මෙරට ඉතා ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වු පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ නියාමක නිවේදන ශිල්පීයා වශයෙන් කටයුතු කරන ලද්දේ ඔහුය. නමුත් මේ වන විට ඔහු එම සංගීත කණ්ඩායම තුළ දැක ගැනීමට හැකි වන්නේ නෑ.
ඉදිරි පිළිබඳ කතා කතා කිරීමේ දී ඔහු ආදරණීය ගායකයකු වනවා. ඊට හේතුව වන්නේ මෙරට ප්‍රසංග වේදිකාව තුළ ඔහු ඔහුටම ආවේණික වූ ගායන විලාසයක් එහෙනම් කන නිසයි.
මේ නිසාම ඔහුගේ ගායනාවලට ආදරය කරන පිරිසක් අදටත් දැක ගැනීමට හැකි වෙනවා. සොදුරු ගායකයෙකු වන මොහු ආදරණීය සැමියෙකු මෙන් ම ආදරණීය පියෙකු වනවා.
පුංචි දියණියකගේ පියකු වන ඔහු තමන්ගේ ආදරණීය බිරිඳ සමග ඉතාමත් සතුටින් කාලය ගත කරන කලාකරුවෙකු ද වනවා.ඊයේ දිනයේ එනම් නොවැම්බර් මස 4 වන දින ඉඳුනිල් අන්ද්‍රමාන්න තමන්ගේ උපන්දිනය සමරන්නට වුනා.

ඒ ඔහුගේ 43 වැනි උපන් දිනයයි . තමන්ගේ උපන් දිනය වෙනුවෙන් ඔහු තමන්ගේ ෆේස්බුක් පිටුවේ ආදරණීය සටහනක් තබමින් මේ ආකාරයෙන් පවසා තිබුණි .
” අදයි මගේ උපන්දිනය ” 1979/11/04 සවස 4.30 ට මවු කුසෙන් එලිය දුටු මා 2021/11/04 වන අද දිනටමාගේ වයස අවුරුදු 42 ක් අවසන් කරමින් 43 ක් වූ මොහොතේ ,, අද දවසේ දස මසක් කුසෙහි රදවා ,,
අසීමිත දුක් ගැහැට පොකුරු මිටි පිටින් නින්දා අපහාස ජීවිතය මිරිකමින් පැමිණි කලද කදුලු කැට හංගාගෙන ඇයගේත් සුන්දර වූ පිය සෙවනින් පටන් ,,
මාව මේ තාක් නොමරා ජීවත් කෙරූ සියලු දෙනාම මතක් කරමින් ස්තූතිය පුද කරන්නේ ,, වචනෙයෙන් කියාගන්න බැරි තරම් වූ අසීමිත හදපිරි ගෞරව ස්තුතිය පුදකරමිනුයි……. යනුවෙන් ඔහු ලස්සනට සටහනක් තබා තිබුනා.

(උපුටා ගැනීමයි – ඉදුනිල් අන්දරමාන ෆෙස්බුක් පිටුවෙන්) මෙරට රසික රසිකාවියන්ගේ සිත් තුළ සිටින සොඳුරු ගායකයෙකු වන ඉඳුනිල් අන්ද්‍රමාන්නට වාසනාවන්ත නිරෝගී සුබ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරමු .








