ගොසිප් පුවත්තරු ගොසිප්

අවුරුදු 12 දැරියක් නිර්මාණය කළ දෘෂ්ටි මායාවෙන් ඇස් වල පෙනීමේ දෝෂ හදුනා ගන්නා අපුරු නිර්මාණයක්

නව නිර්මාණ ක්ෂේත්රය කියන්නේ වයස වයස් භේදයකින් තොරව ස්ත්‍රි පුරුෂ  භේදයකින් තොරව ලෝකය පුරා සිටින දක්ෂයන් අතින් නිමවන ඔවුන්ගේ අපූරු නිර්මාණයි.

කාලයෙන් කාලයට  විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකය පුරා මිනිසා පුදුම කිරීමට හැකි නිර්මාණ රාශියක් බිහි වී තිබෙන අතර මේ මොහොතේත් අනාගතයේදීත් එවැනි නව  නිර්මාණ ගණනාවක් බිහි වන්නට ද තිබෙනවා.

ලෝකය පුරා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ බිහිවන නව නිර්මාණ අගය කිරීම සඳහා ලෝකය පුරා රටවල් විවිධ නව නිර්මාණ තරගාවලි  සංවිධානය කරනු ලබන අතර පසුගිය කාලයේදී ඇමරිකාවේ නැගෙන යොවුන් නිර්මාණකරුවන් තේරීමේ තරගයක් අන්තර්ජාලය ඔස්සේ පවත්වන්නට වුණා.

මෙම තරගාවලිය සඳහා විද්‍යාව හා තාක්ෂණය , ගණිත අංශය ඉංජිනේරු විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තරගකරුවන් ගණනාවක් අන්තර්ජාලය ඔස්සේ මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ අතර,

තරගාවලියේ සුවිශේෂී කරුණක් වූයේ ඉන්දීය සම්භවයක් ඇති අවුරුදු 12ක  ඇමරිකන් දැරියක් විසින් ඉදිරිපත් කරන ලද වෙනස්ම විදිහේ නව නිර්මාණයට බොහෝදෙනාගේ අවධානය යොමුවන්නට වුණා.

එහි අවසන් වටයට තේරුණු මේ දැරිය එහි ප්‍රධාන සම්මානය දිනා දිනා ගැනීමට සමත් වූවා. ඇය නමින් ඉෂානා කුමාර් වේ. ඇය විසින් මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ දෘෂ්ටි මායාවක් යොදාගනිමින් මානවයාගේ ඇස්වල ඇති පෙනීමේ ක්‍රියාවලියේ තිබෙන දුර්වලතා හඳුනා ගැනීමට හැකි උපකරණයයි .

මේ මේ සඳහා යොදාගෙන තිබුණේ බෙන්හැම් තැටියයි. හිටියේ මෙම විශිෂ්ට නිර්මාණය ඔස්සේ යමකුගේ ඇස් ආබාධයක් තිබේ නම් අදාල තැටිය කැරකීම මගින් මතු වන රතු කොළ සහ නිල් ආලෝක දෙස බලා සිටින විට සඳහා ලබාදිය හඳුනාගැනීමේ හැකියාව මේ සතු වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button