ගොසිප් පුවත්තරු ගොසිප්

මුල්ම ටෙලිනාට්‍ය රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැදුනු සොදුරු යුවැත්තිය ප්‍රවීනා දිසානායක

අද වන විට අපේ රටේ ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් අමතක නොකර නරඹන බොහෝ දෙනා දැඩි ආශාවෙන් නරඹන ටෙලිනාට්‍යයක් ලෙස ස්වර්ණවාහිණියෙ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය හඳුන්වන්න පුළුවන්.

නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යය තුළ ප්‍රවීණ රංගන ශිල්පීන් මෙන්ම රංගන ශිල්පිනියන් තම රංගන දායකත්වය ලබා දීම සිදු කරන අතර මෙම කතා කතාමාලාව තුළින් නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් ගේ මුහුණු රැසක් දැක ගැනීමට අවස්ථාව ප්‍රේක්ෂකයන්ට උදාවී තිබෙනවා.

රංගනයට අලුත් වුවත් අද වන විට මොවුන් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිත බවට පත් වී තිබෙනවා. ඒ ආකාරයෙන් නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය තුලින් රංගනයට පිවිසි තරුණ සොඳුරු කලාකාරිනියක් ලෙස ප්‍රවීණා දිසානායක හඳුන්වන්න පුළුවන්.

ඇය මෙම නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය තුළ ගීතිකා ගේ චරිත නිරූපණය කරනු ලබනවා . ඊට අමතරව මෙරට ප්‍රවීණ ගායන ශිල්පිනියක් වන ශශිකා නිසංසලා මහත්මිය විසින් ගායනා කරන චන්ද්‍රා පායන්න ගීතයේ සංගීත වීඩියෝ සඳහා ද රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ ඇය විසිනි.

නලදතක් හිමි නිසා ඇයගේ සුන්දර සිනහව ඇය බොහෝ දෙනෙකුගේ මතකයේ රැඳෙන චරිතයක් බවට පත්කිරීමට සමත් වුණා. වෛද්‍යවරියක් වීමේ සිහිනය ඇතිව ඒ වෙනුවෙන් ඇප කැපවී කටයුතු කරපු ඇය අද වන විට රංගන කටයුතු සඳහා යොමු වී සිටින නිසා එම වෛද්‍යවරයා වීමේ සිහිනය ඈ තුළින් ඇත්තේ ගෙනයන බව ඇය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඇයගේ රංගන දක්ෂතා නිසාත්, තවමත් රංගනයට අලුත් ඇය තම රංගන කටයුතු පිළිබදහැදැරීම් කරන්නට ද බලාපොරොත්තුවෙන් සිටිනවා. රංගනයට වගේම නර්තනයටත් දක්ෂතා පෙන්වන මේ නිතර මුවග සිනහවක් රැඳී සුන්දර යුවතියගේ සුන්දර ඡායාරූප කිහිපයක් තමයි මේ

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button