කෙටි කාලයකින් රට පුරාම ජනප්‍රිය වීමට වාසනාව ලැබු “ධරණි” කතා මාලාවේ තරුමිණි හේෂානි

ප්‍රථම ටෙලිනාට්‍ය රංගනය තුළින් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වු ඇය නමින් හේෂානි ලියදිපිට වේ. වර්ථමානයේ ඇයව බොහෝ දෙනෙකු හදුන්වනු ලබන්නේ ධරණි යන නමිනි.
ඊට හේතුව වන්නේ දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන ‘ධරණි’ ටෙලි කතාවේ ප්‍රධාන චරිතය වන ‘තරුමිණී’ ගේ චරිතයට පණ පොවන්නේ ඇය විසින් වීමයි.
හේෂානි ලියදිපිට කියන්නේ තවමත් උසස් අධ්‍යාපනය හදාරන යුවතියකි. ඇය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ නර්ථන විෂය හදාරන විද්‍යාර්ථයෙකු වශයෙන් කටයුතු කරනු ලබනවා.

නර්තනයට ඉතාමත් දක්ෂ ඇය අද වන විට රංගන ක්ෂේත්‍රයේ දිදුලන චරිතයක් බවට පත් වී ඇති සුන්දර තරුණියකි. 2020 වසරේ දෙරණ අවුරුදු කුමරිය තරගයෙන් පළමු ස්ථානය දිනාගත් මේ සුන්දර යෞවනියට දෙරණ නාලිකාව ඔස්සේම ඇයගේ දක්ෂතා හේතුවෙන් ඇයට රංගන වරම් හිමි වනවා.
ධරණි ටෙලි කතාව ඇයගේ ප්‍රථම ටෙලි නාට්‍ය වන අතර ඇය රංගනයට පිවිසෙන්නේද මේ කතා මාලාව ඔස්සේ වේ. ඇය මෙම කතා මාලාවේ තරුමිණී ගේ චරිතය නිරුපණය කරන නිසා කෙටි කාලයක් තුළදී ආදරණිය ප්‍රේක්ෂක ජනතාව අතර අමතක නොවන චරිතයක් බවට පත් වන්නට ඇයට අවස්ථාව උදා වනවා. ඒ පිළිබද ඇය මතක් කර සිටියේ මේ ආකාරයෙනි.
‘‘කෙටි කාලයකින් විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් චරිතයක් ඒක. මං හිතනවා චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා සහ මං සාර්ථකයි කියලා. ඒ සතුට මට උපරිමයෙන්ම තියෙනවා. ’’

මේ ධරිණි කතා මාලාව තුළ ඇය සිදු කරන සටන් ජවනිකා හේතුවෙන් ඇයගේ එම චරිතය වඩාත් ජනප්‍රිය වන්නට එය හේතුවක් විය. මෙහිදි අසාධාරණය වෙනුවෙන් සටන් කරන, දරුවන් වෙනුවෙන් කැප වෙලා කටයුතු කරන බාධක වලට මුහුණ දෙන චරිතයක් මෙහිදි ඇය නිරුපණය කරයි.
උසස් අධ්‍යාපන කටයුතු සමග රංගන කටයුතු සමග ඉතාමත් කාර්යය බහුල වෙලා කටයුතු කරන මේ සුන්දර යොවුන් රංගන ශිල්පිනයට ඇයගේ අධයාපන කටයුතු මෙන්ම රංගන කටයුතුද සාර්ථක ලෙස සිදු කර ගැනීමට හැකි වේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.









