
සම්මානනීය ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියක් ලෙස ශලනි තාරකා හදුන්වන්න පුළුවන්. මෙරට මෙරට විකාශය වු ප්‍රේක්ෂකයා අතර අතිශය ජනප්‍රියතාවයට පත් වු ටෙලි නාට්‍ය ගණනාවකින් තමන්ගේ රංගන කුසලතාව පෙන්වු මේ යොවුන් සුන්දර රංගන ශිල්පිනිය,
රංගන කටයුතු වලදී තවත් සුවිශේෂි චරිතයක් බවට පත් වන්නේ ඇය 2019 වසරේ රයිගම් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළියට මෙන්ම ජනප්‍රියම නිළියට හිමි සම්මානයන් දෙකම ලබා ගැනීම හේතුවෙනි.
ඇයව මුලින්ම හදුනාගනු ලබන්නේ සිරස අවුරුදු කුමරිය ලෙසයි. අද වන විට රංගන ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් වශයෙන්ද ඇයව හදුන්වන්න පුළුවන්.

ඊට හේතුව වන්නේ විවිධ චරිත ඔස්සේ ඇය දැක්වු රංගන කුසලතාව නිසාය. රංගනයෙන් මෙන්ම, නර්තනයෙන්, නිවේදන කටයුතු වලින් තමන්ගේ හැකියාව පෙන්වු සුන්දර යුවතියක් වශයෙන්ද ඇයව හදුන්වන්න පුළුවන්.
අපි මේ කියන්නට යන්නේ ඔබ ආදරය කරන මේ සුන්දර ශලනි තාරකා පසුගිය දිනක ඇයගේ මවගේ උපන්දිය සැමරු ආකාරය ගැනයි.
ඇයගේ මවත් ඔබ හදුනන සුන්දර, දක්ෂ රංගන ශිල්පිනියක් වේ. ශලනි තමන්ගේ සහෝදරිය සමග එකතු වෙලා ආදරණිය අම්මාගේ උපන්දිනය සැරසිලි කටයුතු කරමින් චාම් ලෙස පවත්වන්නට කටයුතු කර තිබුනා.

තමන්ගේ නංගී එක්ක එකතු වෙලා මවගේ උපන්දිය සැමරු ආකාරය දැක්වෙන ලස්සන ඡායාරූප පෙළක් සාමජ මාධ්‍ය තුළ මේ වන විට දැක ගැනීමට හැකි වන අතර එම උපන්දින සැමරුමේ ඡායාරූප කිහිපයක් තමයි මේ ඔබ වෙත ගෙන එන්නේ. ඔබ ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනි ශලනි තාරකාගේ අම්මාට නීරෝගි වාසනාවන්ත සුභ උපන්දිනයක් අපි ප්‍රාර්ථනා කරමු.









